IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


නීති විරෝධී සිද්ධීන් කිහිපයකට සම්බන්ධ 4ක් ගලෙන්බිදුණුවැවදී අත්අඩංගුවට

(දයාරත්න ඇඹෝගම)
 
දැව ප්‍රවාහනය කිරීම සහ නීති විරෝධීව මත්පැන් පෙරීම යන සිද්ධීන් සම්බන්ධයෙන් සැකපිට පුද්ගලයන් 4 දෙනෙකු අද (20) ස්ථාන කිහිපයකදී අත් අඩංගුවට ගත්බව ගලෙන්බිදුණුවැව පොලිසිය කියයි.

 
ගලෙන්බිදුණුවැව පොලිස් වසම තුල අද (20) සිදුකළ සෝදිසි මෙහෙයුමකදී මෙම සැකකරුවන් 4 දෙනා අත්අඩංගුවට ගෙන තිබුණි.
 
ගලෙන්බිදුණුවැව - දුටුවැව ප්‍රදේශයේදී යාං ඔයෙන් බලපත්‍ර නොමැතිව වැලි ගොඩ දමා ප්‍රවාහනය කිරීමට සුදානම්ව සිටියදී  පුද්ගලයන් දෙදෙනකු සමඟ ට්‍රැක්ටර් දෙකක්ද බලපත්‍ර නොමැතිව ප්‍රවාහනය කරමින් සිටියදී දැව සමඟ පුද්ගලයෙකු හා ට්‍රැක්ටරයක්ද පොලිසිය අත්අඩංගුවට ගෙන තිබේ.
 
මෙම දැව හිඹුටුගොල්ලෑව රක්ෂිතයෙන් කපන ලද ඒවා බවට පොලිසිය සැක කරයි.
 
මේ අතර ගලෙන්බිදුණුවැව කොකාවැව ප්‍රදේශයේ කසිප්පු පෙරමින් සිටි පුද්ගලයෙකු ගොඩා ග්‍රැම්  2100 හා පෙරීමට යොදාගන්නා උපකරණ තොගයක් පොලිසිය අත්අඩංගුවට ගෙන තිබේ.
 
මෙලෙස අත්අඩංගුවට ගත් සකකරුවන් 4 දෙනා සමඟ වැලි හා දැව ප්‍රවාහනයට යොදාගත් ට්‍රැක්ටර් රථ ගලෙන්බිදුණුවැව පොලිස් අත්අඩංගුවට ගෙන ඇති අතර සැකකරුවන් ඇප මත මුදා හැර තිබේ.
 
සැකකරුවන් 23 දින කහටගස්දිගිලිය මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.සිද්ධිය සම්බන්ධයෙන් ගලෙන්බිදුණුවැව පොලිසිය වැඩි දුර පරීක්ෂන සිදුකරයි.



අදහස් (0)

නීති විරෝධී සිද්ධීන් කිහිපයකට සම්බන්ධ 4ක් ගලෙන්බිදුණුවැවදී අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 416 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 237 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1025 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site