IMG-LOGO

2025 නොවැම්බර් මස 11 වන අඟහරුවාදා


නිතී විරෝධිව ගවයින් ගෙන ගිය දෙදෙනක් මාට්ටු

(සිතුම් චතුරංග)

කැබ් රථයක පටවා මස් පිණිස නීති විරෝධි අයුරින් එළ ගවයින් ප්‍රවාහනය කළ සැකකරුවන් දෙදෙනෙකු වවුනියාව නගරයේදී අත්අඩංගුවට ගත් බව වවුනියාව පොලිස් විශේෂ කාර්ය බළකාය පවසයි.

නිරෝධායන ඇඳිරි නීතිය උල්ලංඝනය කරමින් හිංසාකාරී අයුරින් එළ ගවයින් ප්‍රවාහනයකරන ජාවාරමක් සම්බන්ධයෙන් පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් වෙත ලැබුණ තොරතුරක් මත සිදුකළ වැටලීමකදී එළගවයින් සමඟ සැකකරුවන් හා කැබ්රථය  අත්අඩංගුවටගෙන තිබේ.

හොරොව්පොතාන ප්‍රදේශයේ සිට මන්නාරම දක්වා බලපත් නොමැතිව සැකකරුවන් මස් පිණිස ගවයින් ප්‍රවාහනය කොට ඇති බවත් කැබ්රථයේ එළ ගවයින් හයදෙනකු හිංසාකාරී ලෙස පටවා සිටියදී සොයාගත් බවත් පැවසීය.

දීර්ඝ කාලයක සිට කැබ්රථයෙන් විවිද ද්‍රව්‍ය ප්‍රවාහනය කරන මුවාවෙන් එළ ගවයින් ප්‍රවාහනය කොට ඇති බවට තොරතුරු අනාවරණයවූ බවත් පැවසීය.

අත්අඩංගුවට ගත් සැකකරුවන් හොරොව්පතාන ප්‍රදේශයේ පදිංචි කරුවන් වේ.

සැකකරුවන් හා කැබ් රථය වවුනියාව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර වවුනියාව පොලිසිය හා පොලිස් විශේෂ කාර්ය බලකාය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.

 

 

 



අදහස් (0)

නිතී විරෝධිව ගවයින් ගෙන ගිය දෙදෙනක් මාට්ටු

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 574 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2270 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1704 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site