(කටුනායක ටී.කේ.ජී.කපිල )
උත්සව සමය ඉලක්ක කර ගනිමින් ඩුබායි සිට නීතිවිරෝධී ලෙස ශ්‍රී ලංකාවට රැගෙන ආ දුම්වැටි, විස්කි සහ ස්මාර්ට් ජංගම දුරකථන තොගයක් සමඟ තරුණයින් සිව්දෙනකු අද (29) අලුයම කටුනායක ගුවන් තොටුපොළේ දී රේගු නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන තිබේ.
මොවුන් සියලු දෙනා අද (29) දින අලුයම 1.30 ට පමණ ඩුබායි සිට පැමිණි ෆ්ලයි ඩුබායි ගුවන් සේවයේ එෆ්.ඉසෙඩ්. 557 දරණ ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි.
මෙසේ අත්අඩංගුවට පත්ව ඇත්තේ කුරුණැගල,එල්ලක්කල, නිට්ටඹුව, ප්‍රදේශයන්හි පදිංචිකරුවන් සිව් දෙනෙකි.
අත්අඩංගුවට ගත් සියලුම දුම්වැටි ගෝල්ඩ් ලීෆ් වර්ගයේ දුම්වැටි වු අතර මෙසේ මොවුන් සියලු දෙනා නීතිවිරෝධී ලෙස ගෙන ආ දුම්වැටි තොගයේ දුම්වැටි 65,900 ක් අඩංගු දුම්වැටි කාටූන් 329 ක් සහ පැකට් 05 තිබිණි.
මීට අමතරව විස්කි බෝතල් 07 ක් සහ ස්මාර්ට් ජංගම දුරකථන 11 ක් ද රේගුව විසින් අත් අඩංගුවට ගෙන තිබූ අතර , මේ සියල්ලේ වටිනාකම රුපියල් 34,58,650 පමණ වෙතියි රේගුව පවසයි.
මොවුන් සියලු දෙනාම වෙනත් කිසිදු රැකියාවක් නොකරන අතර , විකිණිම සඳහා දුම්වැටි සහ විස්කි නීතිවිරෝධී ලෙස ශ්‍රී ලංකාවට රැගෙන ඒම සදහාම ඩුබායි වෙත ගොස් ඇති බව රේගුව අනාවරණය කර ගෙන තිබේ .
ගෙන ආ සියලු භාණ්ඩ රාජසන්තක කළ අතර , පළමු , තෙවන සහ සිව්වන ගුවන් මගීන් සදහා රුපියල් 50,000 බැගින් ද , දෙවන ගුවන් මගියා සදහා රුපියල් 75,000 ක් ද වශයෙන් රුපියල් 2,25,000 ක දඩ මුදලක් ගෙවන ලෙසද නියෝග කර ඇත.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
නිතී විරෝධිව ගෙන ආ දුම්වැටි සමඟ සිව් දෙනෙක් අත්අඩංගුවට