(අමදෝරු අමරජීව)
ඇලස්වත්ත ග්‍රාම සංවර්ධන සමිතිය, සිවිල් සංවිධාන කිහිපයක පුද්ගලයෝ සහ ප්‍රදේශවාසීහු එක්ව අද (30) තෝරන්කාඩු හන්දියේදී උද්ඝෝෂණයක නිරතවූහ.
සංචාරක කර්මාන්තය ඉලක්ක කරගනිමින් උප්පුවේලි පොලිස් වසමට අයත් ඇලස්වත්ත ප්‍රදේශයේ පවත්වාගෙන යන නීතිවිරෝධී සම්භාහන මධ්‍යස්ථානවලට එරෙහිව මෙම උද්ඝෝෂණය සංවිධානය කර තිබිණි.
පාසලක්, පෙර පාසලක් හා ආගමික ස්ථාන කිහිපයක් පිහිටා ඇති ඇලස්වත්ත ප්‍රදේශයේ නීතිවිරෝධී සම්බාහන මධ්‍යස්ථාන ක්‍රියාත්මක වන බවත් පොලිසිය හෝ ප්‍රාදේශීය සභාව මේ පිළිබඳව අවධානය යොමු නොකරන බවත් උද්ඝෝෂකයෝ කියා සිටියහ.
මෙම ස්ථානයට පැමිණි ත්‍රිකුණාමලය නගර හා කඩවත ප්‍රාදේශීය සභාවේ උප සභාපති කේ. වෛරවනාදන් මහතා ඇතුළු මන්ත්‍රී පිරිසට විරෝධතාකරුවෝ සංදේශයක් භාර දෙමින් පැවසුවේ නව සම්බාහන මධ්‍යස්ථානවලට බලපත්‍ර නොදෙන ලෙසත් වෛද්‍යවරයෙකු නොමැතිව පවත්වාගෙන යන සම්බාහන මධ්‍යස්ථාන වසා දමන ලෙසත්ය.
ප්‍රාදේශීය සභා උප සභාපතිවරයා එයට එකඟ විය.
උප්පුවේලි පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක බී. ඒ. පී. ආර්. ප්‍රේමලාල් මහතා උද්ඝෝෂකයන්ට පැවසුවේ දන්නා තොරතරු ලබා දෙන ලෙසත් තමන් අධිකරණ නියෝග මත ඒවාට එරෙහිව ක්‍රියාකරන බවත්ය.
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
නීතිවිරෝධී සම්බාහන මධ්‍යස්ථානවලට එරෙහිව ඇලස්වත්තවාසීහු විරෝධතාවක