(ඩී.කේ.රත්න)
නීති විරෝධි විදේශීය දුම්වැටි 1800ක් සමග ඉරාන ජාතිකයෙකු අද (28) වැලිමඩ මිරහවත්ත ප්‍රදේශයේදී පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇතැයි පොලීසිය පවසයි.
උමාඔය ව්‍යාපෘතියේ සේවයේ නියුතු වැලිමඩ මිරහවත්ත ප්‍රදේශයේ කඳවුරක තාවකාලිකව පදිංචි වී සිටින 38 හැවිරිදි ඉරාන ජාතිකයකු මෙම නීතිවිරෝධී දුම්වැටි සමග අත්අඩංගුවට ගෙන ඇත.
මෙම පුද්ගලයා උමාඔය වයාපෘතියේ සේවයට පැමිණෙන පුද්ගලයින් සදහා නීතිවිරෝධී විදේශීය දුම්වැටි අලෙවි කරන බවට පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී මෙම දුම්වැටි තොගයත් සමග මෙම පුද්ගලයා අත්අඩංගුවට ගෙන තිබේ.
අත්අඩංගුවට ගනු ලැබූ පුද්ගලයා සහ දුම්වැටි තොගය වැඩිදුර විමර්ශණ කටයුතු හා වැලිමඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීම සදහා වැලිමඩ පොලීසියට බාරදී තිබේ.
වැලිමඩ පොලීසියේ නිලධාරීහු මේ පිළිබදව පරීක්ෂණ සිදු කරති.
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ
NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.
නීතිවිරෝධි විදේශීය දුම්වැටි සමග ඉරාන ජාතිකයෙකු අත්අඩංගුවට