(අප්සරා යෝසිත් විජේසූරිය)
මිනීමැරුම් චෝදනාවක් සම්බන්ධව අධිකරණයෙන් ඇපමත මුදාහැර සිටි සැකකාර චූදිතයකු විසින් නීතීවිරෝධී මත්ද්‍රව්‍ය නිෂ්පාදනයක් වන කසිප්පු බෝතල් 05 ක් සන්තකයේ තබාගෙන සිටීයදී අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ පසුව මේ මස 24 දින තෙක් රිමාන්ඩ් බාරයට පත්කිරීමට රත්නපුර අතිරේක මහේස්ත‍්‍රාත් ඩී ද එස් වීරවර්ධන මහතා නියෝග කලේය.
මෙසේ රිමාන්ඞ් බාරයට පත් චූදිත සැකකරු වූයේ රත්නපුර හිදැල්ලන ෆාම්ගාර්ඞ්න් ප‍්‍රදේශයේ පදිංචි පී. සිරිපාල නැමැත්තෙකි.
මෙම සැකකාර චූදිතට එරෙහිව මීට වසර කීපයකට පෙර මත්ද්‍රව්‍ය විරෝධී සමාජ ක‍්‍රියාකාරකම්වල යෙදුණ තරුණයකු ඝාතනයට ලක්කිරීමේ මිනීමැරුම් චෝදනාව සම්බන්ධව අධිකරණයේ පැවති නඩු විභාගයදී ඉකුත් 2019 වසර දෙසැම්බර් 2 දිනදී අධිකරණය නියම කළ ඇපමත මෙම චූදිත මුදහැර තිබුණි.
එම නඩුවදී රුපියල් 5000 ක මුදල් ඇපයක් සහ රුපියල් ලක්‍ෂ පහක ශරීර ඇප මත මෙම චූදිත සැකකරු මුදාහරිනු ලැබ ඇත්තේ අධිකරණය නියම ඇප කොන්දේසිද සහිතවයි.
එසේ අධිකරණය විසින් පනවන ලද ඇප කොන්දේසි අනුව මෙම චූදිත කිසියම් හෝ වරදක් සම්බන්ධව නැවත අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමක් සිදුවුවහොත් පෙර ඇප අවලංගු වන බවත් එහිදී සඳහන් කර තිබිණ.
ඒ අනුව රත්නපුර පොලිසියේ කොට්ඨාස දුෂණ මර්ධන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්‍ෂක පේ‍්‍රමරත්න මහතා විසින් මෙම චූදිතට එරෙහිව පෙර ඇප කොන්දේසි කඩ කිරීමේ වරද සම්බන්ධවත්, නීතිවිරෝධී මත්ද‍්‍රව්‍ය වන කසිප්පු සන්තකයේ තබාගැනීම සම්බන්ධවත් අධිකරණයට කරුණු වාර්තාවක් ඉදිරිපත් කරන ලදි.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
නීතිවිරෝධී මත්ද්‍රව්‍ය ළඟ තබාගත් පුද්ගලයකු රිමාන්ඩ්