(කටුනායක ටී.කේ.ජී.කපිල )
රුපියල් එක් කෝටි හැත්තෑ පන් ලක්ෂ හැට අට දහසක් (1,75,68,000 ) වටිනා විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් නීතිවිරෝධී ලෙස ඩුබායි සිට මෙරටට ගෙන ආ ශ්‍රී ලාංකික ගුවන් මගීන් පස් දෙනෙකු අද (18) කටුනායක ගුවන් තොටුපළ පැමිණීමේ පර්යන්තයේදී රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගැනීමට සමත් වී ඇතැයි රේගු මාධ්‍ය ප්‍රකාශක, අතිරේක රේගු අධ්‍යක්ෂ ජනරාල් සුනිල් ජයරත්න මහතා පැවසීය.
මොවුන් කුරුණෑගල ප්‍රදේශයේ පදිංචි අවුරුදු 36, 38 , 39 , 40 සහ 42 යන වයස් වල ව්‍යාපාරිකයන් පිරිසකි .
ඔවුන් අද (18) ඩුබායි සිට පැමිණි එමිරේට්ස් ගුවන් සේවයේ ඊ.කේ. - 650 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි.
මෙම ගුවන් මගීන් පස් දෙනා විසින් රැගෙන ආ ගමන් මලු 06 ක රුපියල් 77,04,000 ක් වටිනා දුම්වැටි 128,400 ක් අඩංගු දුම්වැටි කාටූන් 642 ක් සගවා ගෙන තිබියදී රේගු නිලධාරීන් අත් අඩංගුවට ගෙන තිබුණි.
ඒ අතරතුර අයිතිකරුවන් නොමැතිව, ගුවන් තොටුපළ පැමිණීමේ පර්යන්තයේ ගමන් පථ (Belt Area) ආසන්නයේ තවත් ගමන් මලු 13ක් තිබෙන බවට රේගු නිලධාරීන් වෙත තොරතුරු ලැබී තිබූ අතර, එම ගමන් මලු තුළ රුපියල් 98,64,000ක් වටිනා දුම්වැටි 164,400 ක් අඩංගු දුම්වැටි කාටූන් 822 ක් තිබූ බව රේගු මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසීය.
ඒවා මෙම ව්‍යාපාරිකයන් විසින් වෙනත් ගුවන් මගීන් වෙත, ගුවන් තොටුපළෙන් පිට කිරීම සඳහා ලබා දී තිබූ දුම්වැටි තොගයක් බවට රේගුව අනාවරණය කර ගෙන තිබේ.
ඒ අනුව මෙම ව්‍යාපාරිකයන් නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන ආ සමස්ථ දුම්වැටි තොගයේ වටිනාකම රුපියල් එක් කෝටි හැත්තෑ පන් ලක්ෂ හැට අට දහසකි. එහි දුම්වැටි 292,800ක් අඩංගු දුම්වැටි කාටූන් 1464 ක් තිබූ බව රේගු මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.
මේ පිළිබඳව වැඩිදුර විමර්ශන කටයුතු සිදුකරමින් පවතියි.

2025 නොවැම්බර් මස 17
26
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
874
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2507
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
නීතිවිරෝධී දුම්වැටි තොගයක් සමග 5ක් අත්අඩංගුවට