(ටී.කේ.ජී.කපිල )
සිංගප්පූරුවේ සිට නීතිවිරෝධී ලෙස දුම්වැටි තොගයක් මෙරටට රැගෙන පැමිණි ශ්‍රී ලාංකික ගුවන් මගීන් දෙදෙනෙකු අද (31) කටුනායක ගුවන් තොටුපොළේ දී රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇති බව රේගු මාධ්‍ය ප්‍රකාශක සුනිල් ජයරත්න මහතා පැවසීය.
මොවුන් දෙදෙනා බොරලැස්ගමුව ප්‍රදේශයේ පදිංචි අවුරුදු 30 සහ 33 වයස් වල පසුවන ව්‍යාපාරිකයෝ වෙති.
මොවුන් දෙදෙනා විසින් රැගෙන පැමිණි ගමන් මලු වල රුපියල් 7,25,000 ක් වටිනා විදේශීය නිෂ්පාදිත දුම්වැටි 14,500 ක් අඩංගුව දුම්වැටි කාටූන් 72 ක් සහ තවත් පැකට් 10 ක් සගවා ගෙන සිටියදී රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබුණි.
මෙම දුම්වැටි තොගය රාජසන්තක කර මෙම ව්‍යාපාරිකයන් දෙදෙනාට රුපියල් 25,000 ක් සහ රුපියල් 10,000 ක් ලෙස දඩ මුදල් ගෙවන ලෙස රේගුව නියෝග කර තිබේ.


2025 දෙසැම්බර් මස 18
358
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
213
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1009
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
නීතිවිරෝධී දුම්වැටි තොගයක් කටුනායකදී අත්අඩංගුවට
MOHAN Thursday, 01 November 2018 04:30 AM
අම්මෝ අර නෝනගේ මුණේ තියෙන සතුට ....