IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


නීතිවිරෝධීව වැලි ජාවාරම් කළ තිදෙනෙක් අත්අඩංගුවට

(ප්‍රසාද් මුතුකුඩ)
 

මීගමුව කොච්චිකඩේ ගඟේ නීතිවිරෝධී වැලි ජාවාරමක් කළ සැකකරුවන්  තිදෙනෙකු  ඇතුළු දේපල අද (8) අත්අඩංගුවට  ගනු  ලැබු බව  වලාන  දූෂණ  මර්දන ඒකකය පවසයි.

කොච්චිකඩේ පොලිස්  වසමට අයත් දූරියන් ගස් හංදිය තොටුපළ පිහිටි මා ඔය  ගඟේ දෙපස  ඉවුරු කඩා  බෝට්ටුවලට  පටවමින්  ගොඩට ගෙන  මුදලට අලෙවි කරමින්  කලක සිට මෙම මහ පරිමාණ වැලි ජාවාරම  ඉතා සූක්ෂම අයුරින්   පවත්වාගෙන ගොස් තිබු බව පොලීසිය කියයි. 

මා ඔය ගඟේ වැලි ගොඩ දාමින් සිටි සහ ලොරි රථ වලට වැලි පටවමින් සිටි  සැකකරුවන් පිරිස සහ 
බෝට්ටු දෙකක්, වැලි පැටවූ ලොරි රථ දෙකක්, යකඩ සවල්, වැලි ගොඩ දැමීමට සකස් කරන ලද  පනිට්ටු ඔවුන් සතුව තිබී සොයා ගෙන ඇත.

අත්අඩංගුවට ගත් ජාවාරම්කරුවන් දිනකට වැලි ටිපර් රථ 10 ක් පමණ නීතිවිරෝධි ලෙස අලෙවි කර  රුපියල්  ලක්ෂයකට අධික මුදලක්  උපයා ගන්නා බවට කරන ලද  පරීක්ෂණ වලදී අනාවරණය වූ බව පොලීසිය කියයි. 



අදහස් (1)

නීතිවිරෝධීව වැලි ජාවාරම් කළ තිදෙනෙක් අත්අඩංගුවට

de silva berlin Saturday, 09 March 2019 01:46 AM

ගැඹුරු මුහුදින් වැලි පොම්පකර සෝදා පරිභෝගිකයන්ට සහන මිලට බෙදා හරින තෙක් මෙම ජාවාරම් ක්‍රියාත්මක වේවි, වැලි නැතුව කොහොමද ඉදිකිරීම් කටයුතු කරන්නේ, මෙම ප්‍රශ්නය රටේ ආර්ථික වර්ධනයට බලපානවා, පොර්ට් සිටි, කටුනායක අධිවේගී මාර්ගය හදන්න ගැඹුරු මුහුදින් වැලි පොම්ප කලා, සැම දෙයක්ම තහනම් කිරීමෙන් ප්‍රශ්න නොවිසදේ/ තහනම් කිරීමට පෙර විකල්ප සොයා බලා ක්‍රියාත්මක කල යුතුය .

:       0       19

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 194 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 161 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 964 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site