IMG-LOGO

2025 සැප්තැම්බර් මස 23 වන අඟහරුවාදා


නීතිවිරෝධීව මසුන් මැරූ 3 ක් අත්අඩංගුවට

(අනීෂා මානගේ)
 
නීතිවිරෝධී අයුරින් දැල් යොදා කුඩාවැල්ල සූරියගහවැල්ල ධීවර වරායේ මසුන් මරමින් සිටි තිදෙනෙක්, ඔරුවක්, බෝට්ටුවක්, දැල් සහ මසුන් සමඟ අද (20) අත්අඩංගුවට ගත් බව තංගල්ල මූලස්ථාන පොලිස් ස්ථානයේ අපරාධ විමර්ශන අංශයේ නිලධාරීහු පවසති.

මෙලෙස පොලිස් අත්අඩංගුවට පත්වූයේ තංගල්ල මාවැල්ල ප්‍රදේශයේ පදිංචි ධීවර රැකියාවේ නිරත වූවන් තිදෙනෙකි.

කුඩාවැල්ල සූරියගහවැල්ල ධීවර වරායට අයත් ප්‍රදේශය තුළ ඔරුවක සහ බෝට්ටුවක සිට නීතිවිරෝධී අයුරින් දැල් යොදා මසුන් මරමින් සිටියදී මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබිණි. කුඩාවැල්ල ප්‍රදේශයේ ධීවරයින්ගෙන් ලද පැමිණිලි අනුව මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත.

දැල් භාවිතා කර ධීවර වරාය තුළ මසුන් ඇල්ලීම තහනම් බවද පාරම්පරික ලෙස බිලී පිත්තක් උපයෝගී කරගැනීමෙන් පමණක් ධීවර වරාය තුළ මසුන් ඇල්ලීම සිදුකළ හැකි බවද මෙලෙස දැල් යොදා මසුන් ඇල්ලීම නිසා පාරම්පරික ධීවරයින්ට සිය රැකියාව ඉදිරියටත් සිදුකර යෑමේදී ප්‍රබල බාධා රැසකට මුහුණ දීමට සිදුව ඇතැයි ද ධීවරයෝ පැවසූහ.



අදහස් (0)

නීතිවිරෝධීව මසුන් මැරූ 3 ක් අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31990 39


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14445 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11226 30


මේවාටත් කැමතිවනු ඇති

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 21 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 280 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1227 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

Our Group Site