(හේමලතා ඩී.හේවගේ)
වෙන්නප්පුව ප‍්‍රාදේශීය සභා බල ප‍්‍රදේශය තුළ මේ වන විට ආයුර්වේද මධ්‍යස්ථාන ලෙසින් පවත්වාගෙන යන සම්බාහන ආයතන 20 න් එකකට පමණක් නීත්‍යානුකූල බලපත‍්‍ර තිබෙන බව වයඹ පළාත් ආයුර්වේද කොමසාරිස් අනුර සෙනෙවිරත්න මහතා පැවසීය.
ඒ මහතා මෙසේ පැවසුවේ රුපියල් ලක්ෂ 85 ක් වියදමින් ඉදිකරන ලද වෙන්නප්පුව ප‍්‍රාදේශීය සභාවට අයත් දංකොටුව නිදහස් ආයුර්වේද මධ්‍යස්ථාන ගොඩනැගිල්ල අද (26) විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමිණි.
පොල් ගෙඩි 05 ක් කැඩීමේ සොරකමක් සම්බන්ධ වරදකට සිරදඩුවම් ලබාදෙන මෙවන් වකවානුවක වෛද්‍ය සහතික , සභාවේ බලපත‍්‍ර ඇතුලු කිසිඳු බලපත‍්‍රයක් නොමැතිව පවත්වාගෙන යන නීතිවිරෝධී සම්බාහන ආයතන තහනම් කිරීම සඳහා නීතිය ක‍්‍රියාත්මක නොවන්නේ කුමන කරුණක් නිසාද යන්න පිළිබඳව නොදන්නා බව ඒ මහතා පැවැසීය.
එහෙත් පළාත් ආයුර්වේද කොමසාරිස්වරයා හැටියට තමාට පැවරී ඇති බලතල අනුව නීතිවිරෝධීව පවත්වාගෙන යන මෙවන් සියලු සම්බාහන ආයතන වටලා ඔවුන්ට නීතිය ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බව හෙතම පැවසීය.
මෙම අවස්ථාව වෙන්නප්පුව ප‍්‍රාදේශීය සභාවේ සභාපති කේ.ඩී සුසන්ත පෙරේරා, හිටපු වයඹ පළාත් සභා මන්ත‍්‍රී ටේරවන් ප‍්‍රනාන්දු , ප‍්‍රාදේශීය සභා මන්ත‍්‍රී ප‍්‍රජා හා සංවර්ධන කමිටු සභාපති කිත්සිරි ප‍්‍රනාන්දු , දංකොටුව ආයුර්වේද මධ්‍යස්ථානයේ වෛද්‍ය ලක්ෂී අත්තනායක මෙනවිය යන මහත්ව මහත්වරුන් පිරිසක් සහභාගි වූහ.
2025 දෙසැම්බර් මස 16
92
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
893
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
620
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
‘‘නීතිවිරෝධීව පවත්වාගෙන ආ සියලු සම්බාහන ආයතන වටලනවා‘‘
lalithm Tuesday, 27 August 2019 03:25 AM
ආයුර්වේද ගාවන්නේ නැතිව නියම අන්දමින් සම්බාහන ස්ථාන පවත්වාගෙන යන්න ඉඩ දුන්නනම් මේ වගේ හොර වැඩ කරන්න ඉඩ නැතිවෙයි. සදාචාරය ගැන කියාගෙන ඕව වහන්න කියනවට වඩා ප්‍රමිතිගතව පවත්වාගෙන යන්න නීති තියෙන්න ඕනේ. සංචාරකයෝ ගැන හිතල නොවෙයි මෙරටේ සදාචාරය ගැන හිතල කියන්නේ. ළමා අපචාර, නොදරුවන් සහ කාන්තා අපයෝජනය කිරීම් තරමක් හරි දුරට අඩු වෙයි.. හිතල බලන්න.