IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


නීතිවිරෝධීව දුම්වැටි ගෙනා අදෙදෙනෙකු කටුනායකදී අත්අඩංගුවට

(ටී.කේ.ජී.කපිල)
 
දුම්වැටි තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට ගෙන ආ ශ්‍රී ලාංකික ගුවන් මගීන් දෙදෙනකු අද(03) කටුනායක ගුවන් තොටුපළ පැමිණීමේ පර්යන්තයේ දී රේගු නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන ඇති බව රේගු මාධ්‍ය ප්‍රකාශක සුනිල් ජයරත්න මහතා පැවසීය.

මොවුන් දෙදෙනා රාගම සහ අංගොඩ ප්‍රදේශයේ පදිංචි 20 හැවිරිදි වියේ පසුවෙති.

ඔවුන් ඩුබායි සිට ඕමානයේ මස්කට් වෙත පැමිණ , එතැන් සිට ඕමාන ගුවන් සේවයේ ඩබ්ලිව්.වයි.- 381 දරන ගුවන් යානයෙන් අලුයම කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ ඇත.

ඔවුන් සතුව රුපියල් 2,280,000 ක් වටිනා විදේශ රටක නිෂ්පාදිත දුම්වැටි 25,720 ක් අඩංගු , දුම්වැටි කාටූන් 123 ක් තිබූ බව ද ජයර්තන මහතා කියයි.

අතිරේක රේගු අධ්‍යක්ෂ ජනරාල් ඩී.ජී.සේනානායක මහතාගේ උපදෙස් මත, ගුවන් තොටුපළ රේගු අධ්‍යක්ෂ ආර්.බී.ගන්කේවෙල මහත්මියගේ අධීක්ෂණය යටතේ, නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂ කේ.එච්.පී.කුමාරසිරි, රේගු අධිකාරීවරුන් වන පී.වී.ධර්මප්‍රියන්ත, ඩබ්ලිව්.කේ.ඩී.බී. සුමිත්, සහකාර රේගු අධිකාරීවරුන් වන කේ.කේ.එස්.මධුෂාන්, කේ.පී. එස්.එස්.සමරසේකර, ඩී.ජී.බී.ගුණේන්ද්‍ර, යූ.ජේ.එච්.එම් බී.ජයසිංහ සහ ආර්.එම්.රාෂීන් යන මහත්වරු මේ පිළිබඳව වැඩිදුරට විමර්ශන කටයුතු පවත්වති.



අදහස් (0)

නීතිවිරෝධීව දුම්වැටි ගෙනා අදෙදෙනෙකු කටුනායකදී අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 22 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 821 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 601 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site