IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


නීතිවිරෝධීව තබාගත් ගවයින් කිරි ගොවියන් අතර බෙදාදෙයි

(ගලහ - ඩබ්ලිව්.ඒ. අසේල)
තලාතුඔය පොලීසිය මගින් අත් අඩංගුවට ගත් හොර හරක් දහ අට දෙනෙකු (18) ප්‍රදේශයේ කිරි ගොවීන් අතර බෙදාදීමක් අද (11) තෙල්දෙණිය දිස්ත්‍රික් 11 භාර සහකාර පොලිස් අධිකාරි ආර්.එම්. කීර්ති නිහාල් රණවීර මහතාගේ ප්‍රධානත්වයෙන් තලාතුඔය පොලීසියේදි සිදු කෙරිනි.
 
පසුගිය ජූලි විසිතුන්වන දින (23) මයිලපිටිය ප්‍රදේශයේදි  මෙම හරක් ලොරිය අත් අඩංගුවට ගත් අතර හරකුන් විසි එක් (21) දෙනෙක් ගැටගසා එකපිට පටවා හිංසාකාරි ලෙස ප්‍රවාහනය කොට ඇත.


ඒ අතර මී ගවයින් තිදෙනෙකු සිටි අතර එක් මී ගව පැටියෙකු ලොරිය තුලදී මියගොස් සිටි අතර තවත් ගවයෙකු දැඩි සේ අසනීප වි පසුගිය දිනක මියගියේය.
 
මහියංගන ප්‍රදේශයේ සිට අකුරණ ප්‍රදේශයේ ගව ඝාතකාගාරයකට මෙම ගවයින් ප්‍රවාහනය කොට තිබූ අතර පොලිස් පරීක්ෂණ වලදී හොර හරක් බවට තහවුරු වි ඇත.
මහනුවර මහේස්ත්‍රාත් අධිකරණය මගින් ලබාගත් නියෝගයක් මත මෙම හරකුන් ප්‍රදේශයේ ගව පාලනයේ යෙදෙන සිංහල හා දෙමළ ජාතික ගොවීන් අතර බෙදා දෙනු ලැබීය.
 
තලාතුඔය පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක අරුණ ක්‍රිෂාන්ත මහතාගේ උපදෙස් මත දූෂණ මර්ධන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක තුෂාර රථවාහන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සමන් කුමාර අපරාධ අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක විජේකෝන් ඇතුළු කණ්ඩායමක් විසින් මෙම  ලොරිය අත් අඩංගුවට ගැනීම සිදුකර තිබුණි.



අදහස් (1)

නීතිවිරෝධීව තබාගත් ගවයින් කිරි ගොවියන් අතර බෙදාදෙයි

ravi Saturday, 11 August 2018 10:57 AM

අපගේ උපරිම ගරුත්වය .. ඔබ සියලු දෙනාටම ..!

:       0       92

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 426 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 237 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1029 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site