(ජී.ඩබ්. කේ. ප්‍රේමතිලක ද සිල්වා)
තීරු බදු රහිතව මෙරටට නීති විරෝධීව ගෙන්වන ලද සිගරට් තොගයක් සමග පුද්ගලයකු අද(22) යක්කලමුල්ල උඩුවිටයන දී අත්අඩංගුවට ගත් බව යක්කලමුල්ල පොලිසිය කියයි.
සැකකරු ගාල්ලේ පදිංචි 42 හැවිරිදි අයෙකි.
සැකකරු සතුව සිගරැට් 920 තිබූ බව පොලිසිය කියයි.මෙම සිගරට් තොගයේ වටිනාකම රුපියල් 46,000ක් පමණ වන බව ද පොලීසිය කියයි. සැකකරු මෙම සිගරට් තොගය බලපිටියෙන් මිලදී ගත් බවපොලිසිය කරන ලද ප්‍රශ්න කිරීමේ දී අනාවරණය කර තිබේ.සැකකරු සමඟ අත්අඩංගුවට ගත් සිගරට් තොගය හෙට (23) ගාල්ල මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරීමට නියමිත ය.
යක්කලමුල්ල පොලිසිය මෙම සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
නීතිවිරෝධීව ගෙන්වූ සිගරට් තොගයක් සමඟ අයෙක් අත්අඩංගුවට