IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


නීතිවිරෝධීව කටු පොකිරිස්සන් රැස් කළ ස්ථානයක් වටලයි

(හිරාන් ප්‍රියංකර ජයසිංහ) 
 
මීගමුව කැපුම්ගොඩ ප්‍රදේශයේ බලපත්‍ර කොන්දේසි කඩකරමින්, කුඩා ප්‍රමාණයේ කටු පොකිරිස්සන් රැස් කළ ස්ථානයක් වටලා ලක්ෂ 20ක් පමණ වටිනා පොකිරිස්සන් රැසක් සමඟ සැකකරුවකු අද(03) අත්අඩංගුවට ගත් බව ධීවර හා ජලජ සම්පත් දෙපාර්තුමේන්තුවේ විමර්ශ අංශය කියයි.

මෙම ස්ථානය කටු පොකිරිස්සන් එකතු කිරීමේ මධ්‍යස්ථානයක් ලෙසත් විදේශ රටවලට කටු පොකිරිස්සන් අපනයන කරන කරනු ලබන ස්ථානයක් ලෙසත් පවත්වාගෙන ගොස් ඇත.

ධීවර හා ජලජ සම්පත් දෙපාර්තුමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ගිනිගේ  ප්‍රසන්න ජනක කුමාර මහතා ලද තොරතුරක් මත මෙම වැටලීම කර ඇත. 

2000 කටු පොකිරිස්සන් සම්බන්ධ නියෝග මාලාව කඩකරමින් නීතිවිරෝධී ආකාරයෙන් ටැංකි තුළ පොකිරිස්සන් රඳවා ගැනීමේ චෝදනාව මත හිමිකරු අත්අඩංගුවට ගත් බව නිලධාරීහු කියති.

අත්අඩංගුවට ගත් කුඩා කටු පොකිරිස්සන් තොගය මුදා හැරීම සඳහා කොළඹ අංක 5 අධිකරණයේ ප්‍රධාන මහෙස්ත්‍රාත් වයි. ඩී. ආර්.නෙළුම්දෙණිය මහතා හමුවට ඉදිරිපත් කිරීමට සූදානම්  බව විමර්ශන නිලධාරීහු පැවසූහ.
 

 



අදහස් (0)

නීතිවිරෝධීව කටු පොකිරිස්සන් රැස් කළ ස්ථානයක් වටලයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 22 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 821 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 601 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site