(දයාරත්න ඇඹෝගම)
නොච්චියාගම ග්‍රාම සේවා වසම් කීපයකට බලපෑ සැඩ සුළඟින් නිවාස 49 කට බරපතල හානි සිදුවී ඇති බව නොච්චියාගම පොලිසිය කියයි.
පසුගිය 24 වැනි දා පස්වරු 2.30 පමණ ඇතිවූ සුළු වර්ෂාපතනයත් සමඟ හට ගත් මෙම ටොනාඩෝ තත්වය විනාඩි තුනක පමණ කාලයක් පැවතී බව ගම්වැසියෝ පවසති.
නොච්චියාගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් කුසුම්පුර නිවාස 39 ක් ,තල්ගස් වැව නිවස 3ක් , දුනුදඹු වැව නිවස 7 ක් මෙසේ ආපදාවට ලක්වී ඇතැයි නොච්චියාගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලය සඳහන් කරයි.
මෙම සැඩ සුළඟ හේතුවෙන් ඊයේ (26) වන විටත් එම නිවැසියන් තම නෑ හිතවතුන්ගේ නිවාසවල රැදී සිටියහ.
වාරිමාර්ග හා ආපදා කළමනාකරණ අමත්‍ය දුමින්ද දිසානායක මහතාගේ උපදෙස් මත මේවන විට මෙම නිවාසවල අලාභයන් තක්සේරු කිරීමෙන් පසු ඒවා පිළිසකර ගැනීම සඳහා ජාතික රක්ෂණ භාර අරමුදල මගින් වන්දි මුදල් ලබා දීම නොච්චියාගම ප්‍රාදේශීය ලේකම් අසංක රත්නායක මහතා විසින් සිදුකර ඇත.
ඒ අනුව රුපියල් දසදහසකට (10000) අඩු හානි සඳහා සියලු මුදල් ගෙවීමට කටයුතු කර ඇති අතර රුපියල් දසදහසට වැඩි හානි සඳහා රුපියල් දසදහසක (10000) අත්තිකාරම් මුදල් ගෙවීමට පියවර ගෙන තිබේ.




2025 දෙසැම්බර් මස 18
408
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
236
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1024
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
නොච්චියාගම සැඩ සුළඟින් නිවාස 49 කට හානි