(හිරාන් ප්‍රියංකර ජයසිංහ)
නිකවැරටිය ගලපිටියාගම ප්‍රදේශයේ ළිඳක සඟවා තිබූ අධි බලැති පුපුරණ ද්‍රව්‍ය තොගයක් සහ ගිනි අවි කොටස් තොගයක් යුද හමුදාව හා පොලිසිය එක්ව සිදුකළ මෙහෙයුමකදී ගොඩගනු ලැබූ බව පොලිසිය පවසයි.
ගලපිටියාගම ප්‍රදේශයේ ළිඳක ජලය මෝටර් දමා පිරිසිදු කිරීමෙන් පසුව මෙම පුපුරණ ද්‍රව්‍ය තොගය සොයා ගෙන ඇත.
සොයා ගත් දෑ අතර ටී 56 ගිනි අවිවලට යොදන මැගසින් දෙකක් හා පතොරම් ද, ඩෙටනේටර් කිහිපයක්, අධිබල පිපිරිම් සඳහා යොදා ගන්නා C - 4 ග්‍රැම් 600 ක් හා තඹ දගර කීපයක් පොලිසිය බාරයට ගෙන ඇත.
අදාළ පුපුරණ ද්‍රව්‍ය තොගය ඉතා ආරක්ෂිතව කවර වල බහා තිබූ බව පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී තිබේ.
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
නිකවැරටියේ ළිඳකින් පුපුරණ ද්‍රව්‍ය තොගයක් ගොඩ ගනී