(ඉන්දික අරුණ කුමාර)
ජාතික ජලසම්පාදන හා ජලාප්‍රවාහ මණ්ඩලයට අයත් නාඋල කාර්යාලය හරහා ඛෙදාහරින ජලය අපවිත්‍ර වී ලැඛෙන බවට පාරිභෝගිකයෝ චෝදනා කරති.
දෙදහසකට වැඩි ජල පාරිභෝගිකයින් පිරිසක් සිය දෛනික අවශ්‍යතා ස`දහා නල මගින් ජලය ලබාගන්නා නාඋල ප්‍රදේශයේ ජල කරාම මගින් කලූ පැහැති මලකඩ හා කුඩු මිශ්‍ර ජලය සිය නිවෙස් වෙතට ලැඛෙන බව ඔවුහු පවසති.
බීමට හා සෙසු අවශ්‍යතා ස`දහා ලැඛෙන මෙම ජලය කලක් ඉතා හොද මට්ටමින් තිබූ බවත් මෑතක සිට බීමට ගැනීමට නොහැකි තත්ත්වයේ ජලය ලැබීම හේතුවෙන් මහත් තමන් අපහසුතාවට පත්ව සිටින බව ඔවුහු පවසති.
මේ සම්බන්ධයෙන් නාඋල ජලසම්පාදන හා ජලාප්‍රවාහන කාර්යාලයෙන් කල විමසීමක දී එහි ප්‍රකාශකයෙකු කියා සිටියේ පවතින නල පද්ධතියේ ඇතිවු තත්ත්වයක් හේතුවෙන් මෙම තත්ත්වය ඇති වී ඇති බවයි. සතියක් තුළ එය යථා තත්ත්වයට පත්වනු ඇතැයි ද එම කාර්යාලය කියයි.
මේ වන විටත් අධිපීඩන තාක්ෂණයක් යටතේ නල මාර්ග පිරිසිදුකිරිමේ කටයුතු අරඹා ඇති බව ද එම ප්‍රකාශකයා පවසයි.
ප්‍රධාන ඛෙදුම් මාර්ගවල මෙම අපවිත්‍ර ජලය නොමැති බවත් අතුරු මාර්ගවල පමණක් මෙම තත්ත්වය පවතින බව ද එම ප්‍රකාශකයා කියයි.
2025 නොවැම්බර් මස 04
687
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2358
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1732
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
නාඋල නල ජලය අපවිත්‍ර වෙලා