IMG-LOGO

2025 නොවැම්බර් මස 17 වන සඳුදා


ධීවර පවුල් වලට සහනදායි ණය

(දසුන් රාජපක්ෂ)

ධීවර පවුල් නගාසිටුවීම සඳහා සහනදායි කොන්දේසි මත පදනම්ව රුපියල් ලක්ෂයේ සිට රුපියල් ලක්ෂ 10 දක්වා සීමාවකට යටත් ණය ලබාදීමේ ව්‍යාපෘතියක් ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශය විසින් ආරම්භ කරනු ලැබ තිබේ.

කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිවී තිබෙන මෙම ණය ව්‍යාපෘතිය මගින් ධීවර ක්ෂේත්‍රය ආශ්‍රිත ගෘහ කර්මාන්තයන් නගාසිටුවීමට අපේක්ෂා කරන බව ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය ඩග්ලස් දේවානන්ද මහතා අද (4) ලංකාදීපයට පැවැසීය.

මෙම ව්‍යාපෘතියේ පළමු අදියර යටතේ ධීවර සංගම්වල ලියාපදිංචි වී සිටින ධීවර පවුල්වල කාන්තාවන් සඳහා ණය නිකුත් කෙරෙන අතර ණය ලබා ගැනීමට අවශ්‍ය සුදුසුකම් ඉදිරියේදී ලියාපදිංචි  ධීවර සංගම් වෙත දැනුම් දීමට නියමිත බව ඩග්ලස් දේවානන්ද අමාත්‍යවරයා සඳහන් කළේය.

ණය ලබාගැනීමට අයදුම් කරන කාන්තාවන් තමා ලබා ගන්නා ණය මුදල් යොදවා ආරම්භ කිරීමට අපේක්ෂා කරන ස්වයං රැකියාව හෝ වෙනත් ව්‍යාපාරික කටයුතු සම්බන්ධයෙන් ධීවර සංගම් හරහා ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශය දැනුම්වත් කළ යුතු බව ද ඩග්ලස් දේවානන්ද මහතා පවසා සිටියේය .

ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යංශය මගින් ප්‍රතිපාදන ලබාදෙන මෙම ණය ව්‍යාපෘතිය හරහා ලියාපදිංචි ධීවර පවුල් 130000කට ණය මුදල්  නිකුත් කිරීමට නියමිතය.



අදහස් (0)

ධීවර පවුල් වලට සහනදායි ණය

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 23 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 869 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2504 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

Our Group Site