IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


ධීවරයන්ගේ පහරදීම් වලින් ධීවර පරික්ෂක කාර්යාලයට හානි


 
 
රොමේෂ් මධුෂංඛ
 
මුලතිව් මුහුදේ තහනම් ධීවර කටයුතු නවත්වන ලෙස ඉල්ලා මුලතිව් ධීවර පරික්ෂක කාර්යාලයට කඩා වැදුණු ධීවරයින් එහි දේපල වලට දැඩි අලාභ හානි සිදු කළ මෙතෙක් කිසිවෙකුත් අත්අඩංගුවට ගෙන නොමැත්තේ දේශපාලන බලාධිකාරිය නිසා දැයි ධීවර පරික්ෂක කාර්යාල නිලධරයෝ කියති.


මුලතිව් සහකාර ධීවර පරික්ෂක කාර්යාලය ඉදිරිපිට දී උද්ඝෝෂණයක නිරත වූ ධීවරයින් අවසානයේ ධීවර පරික්ෂක කාර්යාලයට කඩා වැදී එම කාර්යාලයේ දේපල වලට ද දැඩි හානි සිදු කර තිබූ අතරම උද්ඝෝෂකයින් සමඟ දේශපාලඥයින් පිරිසක්ද සහභාගී වී සිටි පැවති උණුසම් තත්වය පාලනය කිරීම සඳහා මුලතිව් පොලිස් කැරලි මර්දන ඒකකය ද කැඳවා තිබිණි.


දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ශාන්ති ශ්‍රී ස්කන්දරාසා සහ ටී.රවිහරන් යන අය ඇතුළු පිරිසකගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම උද්ඝෝෂණයේ නිරත වූ ධීවරයින් පොලිස් බාධා කිරීම් ද නොතකමින් ධීවර පරික්ෂක කාර්යාලයේ දොරටුව සහ වැට කඩා කාර්යාලයට ඇතුළු වී ගල් මුල් ප්‍රහාර එල්ල කළ අතරම කාර්යාලයේ දේපල වලට දැඩි හානි සිදු වුවද මෙතෙක් එම හානිය පිළිබඳව කිසිදු පියවරක් ගොන නොමැත.


කෙසේ වෙතත් ධීවර ගැටලුවට විසඳුමක් වශයෙන් ධීවර අමාත්‍යාංශයෙන් ගැටලුව පිළිබඳව සොයා විසඳුමක් ලබා දීම සඳහා 10 දෙනෙකුගෙන් යුත් කමිටුවක් පත් කර ඇත.



අදහස් (0)

ධීවරයන්ගේ පහරදීම් වලින් ධීවර පරික්ෂක කාර්යාලයට හානි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 433 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 239 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1030 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site