(කේ බුද්ධික කුමාරසිරි)
සිය එකම දියණියගේ විවාහ මංගල්‍යට අවශ්‍ය භාණ්ඩ කිහිපයක් ඇණවුම් කිරීම සඳහා මොරගහහේන ප්‍රදේශයට තී‍්‍ර රෝද රථයක් ධාවනය කරමින් ගොස් නැවත පැමිණෙමින් සිටි පුද්ගලයෙකුට හදිසියේ ඇති වූ හෘදායාබාධයක් හේතුවෙන් ති‍්‍ර රෝද රථය තුලදීම මියයාම නිසා රථය පාලනය කර ගත නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන වෙලකට පෙරලී අනතුරක් සිදුව ඇතැයි මොරගහහේන පොලිසිය පවසයි.
විවාහ මංගල්‍ය අද (22) පවැත්වීමට නියමිතව තිබී ඇති අතර ඊයේ (21) රාත්රියේදී මෙම අනතුර සිදු වී තිබේ.
පාදුක්ක - හොරණ මාර්ගයේ මිල්ලෑව ප්‍රදේශයේදී මෙම අනතුර සිදුව ඇති අතර අනතුර සිදුවන අවස්ථාවේදී තී‍්‍ර රෝද රථයෙහි පිටුපස මිය ගිය පුද්ගලයාගේ බිරිඳ සහ ඥාති පුතෙකු සිට ඇති අතර ඔවුන්ට අනතුරක් සිදුව නැති බවද පොලිසිය පවසයි
මෙලෙස මිය ගොස් ඇත්තේ පාදුක්ක වටරැක සෝමරතන මාවතේ පදිංචිව සිටි 46 හැවිරිදි එක්දරු පියෙකි. මිය ගිය පුද්ගලයාගේ දේහය පාදුක්ක දිස්ති‍්‍රක් රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර හදිසි මරණ පරීක්ෂණය පැවැත්වීමට නියමිතය.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ධාවනය වු ත්‍රිරෝද රිය පෙරැළි අයෙක් මරුට