
(ටි.එල් ජව්ෆර්කාන්)
මඩකලපුව කාත්තාන්කුඩි මුහුදේ ඊයේ (4)සවස දියනාමින් සිටි එක් තරුණයෙකු අතුරුදහන්වූ බව කාත්තාන්කුඩි පොලිසිය පැවසිය.
කාත්තාන්කුඩි-6 මුහුදේ රළට හසුවී මෙම තරුණයා අතුරුදහන්වී ඇත.
මුහුදේ දිය නෑමට ගිය තිදෙනෙකුගෙන් එක් අයෙකු අතුරුදහන්වූ බවත් අනිත් දෙදෙනා දිවි ගලවා ගෙන ඇති බව වාර්තාවේ.
නව කාත්තාන්කුඩි බදුරියා ප්‍රදේශයේ මරෙක්කාර් පටුමගේ පදිංචි මුහම්මදු ජව්ෆර් මුහම්ම්දු සෙයිනි නම් 20 හැවිරිදි තරුණයා මෙසේ අතුරුදහන්වී ඇත.
මෙම සිද්ධින් අනතුරව කාත්තාන්කුඩි පොලිස් ස්ථානාධිපති දුමින්ද නයනසිරි මුලිකත්වයෙන් ස්ථානයට පැමිණි පොලිස් නිලධාරින් විමර්ශනය කල අතර
දිවි ගලවා ගත් තරුණයන් දෙදෙනාගෙන් විභාග කරමින් පවතී.
අතුරුදහන්වූ මෙම තරුණයා සැවිම සදහා නාවික හමුදාවේ දැනේවා ඇති බවට කාත්තාන්කුඩි පොලිස් ස්ථානාධිපති දුමින්ද නයනසිරි මහතා පැවසීය

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd