IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


‘දේශීය ඉදි කිරීම් ක්ෂේත‍්‍රය ශක්තිමත් කිරීමට ආණ්ඩුවේ සහය දෙනවා‘

   (නිමල කොඩිතුවක්කු)
   
 දේශීය ඉදි කිරීම් ක්ෂේත‍්‍රය ශක්තිමත් කිරීම සදහා ආණ්ඩුව ලෙස ලබාදිය හැකි උපරීම  ශක්තිය ලබාදෙන බව අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා කොළඹ දී අද(24) පැවසීය.
 
ඉදිකිරිම් ක්ෂේත‍්‍රයේ ඇති ගැටලූ විසඳීමට කඩිනමින් පියවර ගන්නා බවද අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා වැඩිදුරටත් සදහන් කළේය.
 
අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා මේ බව පැවසුවේ  බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලා පරිශ‍්‍රයේ පැවති ‘‘ඉදිකිරීම් ප‍්‍රදර්ශනය - 2018’’ විවෘත කිරීමේ උත්සවයේ ප‍්‍රධාන ආරාධිතයා ලෙස එක්වෙමිනි.
 
ඉදිකිරීම් ක්ෂේත‍්‍රයට සම්බන්ධ නවීන තාක්ෂණික උපකරණ, සේවා සහ ගොඩනැගිලි ආදී විවිධ දේ  ඇතුලත් වෙළ`ද කුටි රාශියකින් ප‍්‍රදර්ශනය සමන්විතවේ.
ශ්‍රී ලංකා ජාතික ඉදිකිරීම් කරුවන්ගේ සංගමය සහ නිවාස හා ඉදිකිරීම් කටයුතු අමාත්‍යාංශය එක්ව මෙම ප‍්‍රදර්ශණය සංවිධානය කරනු ලබයි.
 
ඉදිකිරීම් ප‍්‍රදර්ශනය විවාත කරමින් අදහස් දැක්වූ අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා මෙසේද කීවේය.
 
    ‘‘ අවාසනාවකට මට මෙහි වැඩි වේලාවක් රැුඳි සිටින්න වෙන්නේ නැහැ. සීමා නිර්ණ කමිටුවේ වාර්තාව අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනවා. ඒ නිසා මට පාර්ලිමේන්තුවට යන්න වෙනවා. එයත් විශේෂ අවස්ථාවක්. ද්විත්ව සාමාජිකත්වය සඳහා අවශ්‍ය ප‍්‍රතිපාදන හා විධිවිධාන සඳහන් කර නොමැති නිසා බොහෝ පක්ෂ සීමා නිර්ණ කොමිසම පිළිගන්නේ නැහැ. 
 
කෙසේ වුවත් මැතිවරණය නියමිත දිනට පැවැත්වීමට අපි කටයුතු කරනවා. දේශපාලන පක්ෂ සියල්ල එක්වී නිසි හා නියමිත පිරිදි මැතිවරණය පැවැත්වීම සඳහා එක්විය යුතුයි. අදින් පස්සේ අපි ඒ ගැන සාකච්ඡුා කළ යුතුයි. 
 
පැරැුණි ක‍්‍රමයට මැතිවරණය පවත්වනවාද අලූත් ක‍්‍රමය සංශෝධනය කර මැතිවරණය පවත්වනවාද කියලා අපි සාකච්ඡා කරන්න  ඕනේ. ඒ කෙසේ වුවත් අපි නියමිත දිනට මැතිවරණ පවත්වනවා. 
 
පළාත් පාලන මැතිවරණයේදී අපි එක ක‍්‍රමයකට එකඟ වුණා. එහෙත් එහි ප‍්‍රතිවිපාක තිබුණා. අපි හැමෝම ඒවාට මුහුණ දුන්නා. එයත් ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ කොටසක්. මැතිවරණ ක‍්‍රමයකට එකඟ වීමත් දුෂ්කර කාර්යයක්.



අදහස් (0)

‘දේශීය ඉදි කිරීම් ක්ෂේත‍්‍රය ශක්තිමත් කිරීමට ආණ්ඩුවේ සහය දෙනවා‘

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 416 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 237 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1025 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site