IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


දේශිය අර්තාපල් සඳහා ස්ථාවර මිලක් ඉල්ලා වැලිමඩ ගොවීහු පාරට බසිති

ඩී. කේ රත්න )

 
දේශීය අර්තාපල් සදහා රුපියල් සියයක ස්ථාවර මිලක් ලබා දෙන ලෙස  ඉල්ලමින් වැලිමඩ හා ඌවපරණගම අර්තාපල් ගොවීහු  අද (04) දහවල් වැලිමඩ නගරයේදී උද්ඝෝෂණයක නිරතවූහ.


මීට සති දෙකකට පමණ පෙර දේශීය අර්තාපල් කිලෝවක තොග මිල රුපියල් එකසිය හතලිහක පමණ තිබූ නමුත් දේශීය අර්තාපල් වෙළද පොලට පැමිණෙණන මේ දිනවලදී අර්තාපල් කිලෝවක තොග මිල රුපියල් අසූව දක්වා අඩුවීම නිසා අර්තාල් ගොවීහු මෙම උද්ඝෝෂණයේ නිරත වූහ.


වැලිමඩ හා ඌවපරණගම අර්තාපල් ගොවීන් වැලිමඩ නගරයේ ඔරලෝසු කණුව අසලට පැමිණ එතන් සිට විරෝධතා පාගමනින් වැලිමඩ ප්‍රධාන බස්රථ නැවතුම්පළ අසලට පැමිණ එම ස්ථානයේ පැය දෙකක පමණ කාලයක් උද්ඝෝෂණයේ නිරතවීමෙන් පසු මෙයට විසදුමක් ඉල්ලා වැලිමඩ ප‍්‍රාදේශීය ලේකම් වරයා හමුවීමට විරෝධතා පාගමනින් ප‍්‍රාදෙශීය ලේකම් කාර්යාලය වෙත ගියහ.


එම අවසථාවේදී වැලිමඩ පොලීසිය විසින් වැලිමඩ ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලයට දැඩි ආරක්ෂාවක් සලසා තිබිණී.


මෙම අවස්ථාවේදී වැලිමඩ ප‍්‍රාදේශීය ලේකම්වරයා කාර්යාලයේ නොසිටි බැවින් වැලිමඩ වැලිමඩ ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පරිපාලන නිළධාරිණී ඒ.එම්.දේවසුන්දරී මහත්මිය පැමිණ හෙට (05 පෙරවරුවේ වැලිමඩ ප‍්‍රාදේශීය ලේකම්වරයා සමග සාකච්ඡාවක් ලබා දෙන බව පැවසීමෙන්   අනතුරුව උද්ඝෝෂකයින් විසිර ගියහ.


වැලිමඩ ඌවපරණගම ඒකාබද්ද ගොවි සංවිධානය විසින් මෙම උද්ඝෝෂණය සංවිධානය කර තිබිණි.



අදහස් (0)

දේශිය අර්තාපල් සඳහා ස්ථාවර මිලක් ඉල්ලා වැලිමඩ ගොවීහු පාරට බසිති

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 396 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 230 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1021 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site