IMG-LOGO

2025 සැප්තැම්බර් මස 22 වන සඳුදා


දේශපාලන පක්ෂ 12 ක් පොළොන්නරුවෙන් නම් දෙති

(ක.ග.කරුණාරත්න)

පාර්ලිමේන්තු මැතිවරණය (2020) සඳහා පොලොන්නරුව දිස්ත්‍රික්කයෙන් තරග වැදීමට පිළිගත් දේශපාලන පක්‍ෂ 12ක් සහ ස්වාධීන කණ්ඩායම් 9 ක් පොලොන්නරුව දිස්ත්‍රික් තේරීම් බාර නිලධාරී ඩබ්ලිව්.ඒ.ධර්මසිරි මහතා වෙත අද (19) නාමයෝජනා බාරදුන්නේය.

ලබාදුන් නාමයෝජනා ලැයිස්තු වලින් එක් පිළිගත් දේශපාලන පක්‍ෂයක සහ එක් ස්වාධීන කණ්ඩායමක නාම යෝජනා පත්‍ර ප්‍රතික්‍ෂේප විය.

ශ්‍රීලංකාවේ සමාජවාදී පක්‍ෂයේ නාමයෝජනා ලැයිස්තුව සහ දිසානායක ආරච්චිලාගේ ඩොනල්ඞ් කීර්ති මුදිත් දිසානායක යන අයගේ කණ්ඩායම් නායකත්වයෙන් ඉදිරිපත් කර තිබූ නාම යෝජනා ලැයිස්තුව මෙසේ ප්‍රතික්ක්‍ෂේප විය.

ඒ අනුව පොලොන්නරුව දිස්ත්‍රික්කය සඳහා මෙවර මහ මැතිවරණයට තරග වැදීමට නියමිත පිළිගත් දේශපාලන පක්‍ෂ ගණන 11ක් වන අතර ස්වාධීන කණ්ඩායම්  ගණන 8කි.

එක් දේශපාලන පක්‍ෂයකින් සහ ස්වාධීන කණ්ඩායමකින් ඉදිරිපත් කෙරෙන අපේක්‍ෂකයින් සංඛ්‍යාව 8ක් වන අතර දිස්ත්‍රික්කයට තෝරා ගනු ලබන මන්ත්‍රී සංඛ්‍යාව පස් දෙනෙකි.

පොලොන්නරුව දිස්ත්‍රික්කයේ මෙවර මහ මැතිවරණය සඳහා ජන්දය භාවිත කිරීමට සුදුසුකම් ලබා සිටින ඡන්දායකයින්ගේ ගණන 331,109 කි.



අදහස් (0)

දේශපාලන පක්ෂ 12 ක් පොළොන්නරුවෙන් නම් දෙති

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31803 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14254 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11155 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 223 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1162 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 324 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site