IMG-LOGO

2025 සැප්තැම්බර් මස 20 වන සෙනසුරාදා


දේශපාලකයකුට දඬුවම් ඉල්ලා එජාප හිටපු ප්‍රා මන්ත්‍රීවරු පිරිසක් පොල් ගසති


සුමතිපාල දීයගහගේ  
 
අක්මිමන සහ බෝපෙ පෝද්දල ප්‍රාදේශීය සභා දෙකට ලැයිස්තුවෙන් එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රිවරුන් පත් කිරීමේදි තමන්ට අසාධාරනයක් කළ බව කියමින් හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරු පිරිසක් සුසාන භූමියකට සහ දේවාලයකට ගොස් දේවකන්නලව්වක් කර පොල් ගැසූහ.
 
තමන්ට අසාධාරණයක් කළ දේශපාලකයාට දඬුවම් ලබා දෙන ලෙස ඉල්ලමින් මෙම දේව කන්නලව් කළ බව එම මන්ත්‍රීවරු කීහ.
 
පසුගියදා පැවති පළාත් පාලන මැතිවරණයේදී අක්මිමන ප්‍රාදේශීය  සභාවට තරග කළ හිටපු විපක්ෂ නායක ලක්ෂමන් හේවගේ , හිටපු මන්ත්‍රි නන්දසේන අතුකෝරළ,   බෝපෙ පෝද්දල  ප්‍රාදේශිය සභාවේ ලැයිස්තුවේ සිටි හිටපු සභාපතිවරයකු වන  ඩික්ෂන් රාජා ,  හිටපු මන්ත්‍රිවරයෙකු වන අමිල නුවන් යන මහත්වරුන් ඇතුලු අසාධාරණයක්වූ බව කියන අපේක්ෂක අපේකෂිකාවෝ රැසක් මෙම දේව කන්නලව්වට එක්ව සිටියහ.
 
මෙම පිරිස වෙනුවෙන් ලක්ෂ්මන් හේවගේ මහතා  එක් පොල් ගෙඩියක් බටදූවේ පිහිටි පොදු සුසාන භූමියේ සොහොනකදී ගසා ඔවුන්ට අසාධාරනය කළ දේශපාලඥයාට දඩුවම් ලබා දෙන ලෙස ඉල්ලා සිටියහ.
 
 ඉන් අනතුරුව බටදූව සුගතාරාම විහාරස්ථානයේ දේවාලය වෙත ගොස් එහිදිද පොල් ගසා අසාධාරණය කළ දේශපාලනඥයාට දඩුවම් ලබා දෙන  ලෙස ඉල්ලා දේව කන්නලව්වක්  කළහ.  එක්සත් ජාතික පක්ෂයේ සුදුසුකම් ඇති ජ්‍යෙෂ්ඨයින් සිටියදී නවකයින් පිරිසක් අක්මිමණ සහ බෝපෙ පෝද්දල යන ප්‍රාදේශීය සභා දෙකට පත්කර ඇතැයි  ඔවුහු චෝදනා කළහ.
 
දේශපාලඥයාට දඩුවම් කරන ලෙස  යක්ෂයින්ගෙන්  ප්‍රේතයින්ගෙන් ඉල්ලා  පොදු සුසාන භූමියක සොහොනක පොල් ගැසීමක් සහ දේවාලයකදි පොල් ගසා දේව කන්නල්වක්ද එම ප්‍රාදේශීය සභා දෙකේ හිටපු මන්ත්‍රිවරු පිරිසක්  සිදු කළහ.  
 



අදහස් (0)

දේශපාලකයකුට දඬුවම් ඉල්ලා එජාප හිටපු ප්‍රා මන්ත්‍රීවරු පිරිසක් පොල් ගසති

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31609 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13998 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11091 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 170 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1100 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 307 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site