( කුෂාන් ජයවරධන)
කහල්ල පල්ලේකැලේ අභය භූමියේ ඇති වටිනා ගස් කපා එම අභයභූමියට යාබදව පිහිටි පුද්ගලික ඉඩම්වලට රැගෙනවිත් දැව ලෙස ඉරා අලෙවි කළ දැව ජාවාරමක් මෙහෙයවූ පුද්ගලයක් දැවතොගයක් ද සමඟ අත්අඩංගුවට ගැනීමට ගල්කිරියාගම වනජීවී කාරයාලයේ නිලධාරීහු අද (30) සමත් වූහ.
ලද තොරතුරක් අනුව සිදුකළ ක්ෂණික මෙහෙයුමකදී සැකකරු හා අදාළ දැව තොගය අත්අඩංගුවට ගැනීමට වනජීවී නිලධාරීන් සමත්ව තිබිණ. අභයභූමියට මියට ගලේගොඩ ප්‍රදේශයේ මෙම ජාවාරම පවත්වාගෙන ගොස් තිබිණ.
මෙම සැකකරු කළක පටන් සූක්ෂම ලෙස මෙම දැවජාවාරම පවත්වාගෙන ගොස් ඇති බව වනජීවී නිලධාරීහු පවසති.
සැකකරු දැව ප්‍රවාහනයට යොදාගත් ටේලරය සහිත අත්ට්‍රැක්ටරයක් ද දැව සදහා රැගෙනවිත් තිබූ විශාල ගස්වලින් කැපූ කොටන් තොගයක් ද උලුවහු පරාළ ඇතුලු ඉරන ලද දැව තොගයක් ද දැවකදන්වලින් ඉවත් කළ පිටපලු 200කට ආසන්න තොගයක් ද වනජීවී නිලධෘරීන් විසින් සිය භාරයට ගෙන තිබිණ.
කොහොඹ, හල්මිල්ල, ගොඩකිරිල්ල ආදී වටිනා ගස් වරග සැකකරු මෙලෙස දැව ඉරිම සදහා නිති විරෝධීව කපා ඇතැයි වනජීවී නිලධාරීහු පවසති.මෙම ජාවාරමට සම්බන්ධ බව කියන සැකකරු වනජීවී නිලධාරීන් විසින් අත්අඩංගුවට ගත් අවස්ථාවේ ඔහු නිලධාරීන්ගෙන් මිදී පලාගොස් ඇති අතර පසුව ඔහු හඹා ගොස් යළී අත්අඩංගුවට ගැනීඹට වනජීවී නිලධාරීන් සමත්ව තිබිණ.
මෙම ජාවාරම සම්බන්ධයෙන් වනජීවී නිලධාරීන්ගේ අත්අඩංගුවට පත්ව ඇත්තේ නෑගම්පහ ගලේගොඩ ප්‍රෙද්ශයේ පදිංචි 41 හැවිරිදි පුද්ගලයෙකි.
අත්අඩංගුවටපත් සැකකරු හා දැව තොගය කැකිරාව දිසා මහේස්ත්‍රාත් අධීකරණ්‍ය වෙත ඉදිරිපත් කිරීඹට නියමිතව තිබිණ.
ගල්කිරියාගම වනසත්ව අඩවි ආරක්ෂඛ ඩී රාමසිංහ මහතාගේ මෙහෙයවීම යටතේ වනසත්ව නියාමකවරැන් වන සමීර රත්නායක සූජීව ප්‍රසන්න සමීර විජේසිංහ හා ස්වෙච්ඡා මාරගෝපදේශක ආනන්ද බංඩාර හා එම කාරයාලයට අනියුක්ත සිවිල් ආරක්ෂක උපනියාමක ආර්.බී.එස්.වික්‍රමසිංහ සිවිල් ආරක්ෂක සෙබලුන් වන ජානක දිසානායක සම්පත්වීරසූරිය ඇතුලු නිලධාරීහු පිරිසක් එම මෙහෙයුම සිදුකර තිබිණ.
ගම්පහ දිස්ත්‍රික්කය තුල කළු ගල් කැඩීම පිනිස සම්බන්ධීකරණ කමිටු අනුමැතියකින් තොරව භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය මගින් අවසර ලබා දීම නොකළ යුතු බව
වීරකැටිය,මුල්ගිරිගල කැලෑබද පාලු ඉඩමක ගංජා වගා කල පුද්ගලයකු සරුවට වැවුනු ගංජා පැල 12900 ක් සමඟ ගොවියකු අත් අඩංගුවට ගත් බව ඕකවෙල පොලිසිය පවසයි .
හෙරොයින් ජාවාරමෙන් උපයාගන්නා ලද රුපියල් ලක්ෂ 82 ක මුදලක් හා මුදල් ගණන් කිරීමේ විද්‍යුත් යන්ත්‍රයක් සමග පුද්ගලයන් දෙදෙනෙක් කොළඹ කෙසෙල්වත්ත ප්‍රදේශයේ
මහර බන්ධනාගාරයේ රඳවා සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙහෙයවන මත්ද්‍රව්‍ය ජාවාරමේ ප්‍රධාන ගෝලයා ලෙස කටයුතු කරන කාන්තාවක් මත්කුඩු හා මුද
උතුරු නැගෙනහිර බිම් බෝම්බ ඉවත් කිරීමේ නිරත යුද හමුදාවේ සහ රාජ්‍ය නොවන ආයතනවල සාමාජික සාමාජිකාවන්ගේ සහභාගීත්වයෙන් ක්‍රිකට් තරගාවලියක් සහ කඹ ඇදීමේ ත
ජෙලෙග්නයිට් පුපුරණ ද්‍රව්‍ය කූරු 100 ක් යතුරුපැදියකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු මන්නාරම නගරය දී අද (5) අලුයම මන්නාරම පොලිසිය මගින් අත්අඩංගුවට
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
දැව ජාවාරමක් මෙහෙයවූ පුද්ගලයකු දැව සමඟ අත්අඩංගුවට