IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


දේවහූව ජලාශයේ සොරොව්ව කැඩීයාමෙන් ගොවීන් අනතුරේ


(කාංචන කුමාර ආරියදාස)
 
දේවහුව ජලාශයේ   සොරොව්ව කැඩීයාම හේතුවෙන් මාස ගණනාවක් පුරා වැවේ  ජලය විශාල වශයෙන් අපතේ යන බවත් ලබන කන්නයේදී ගොවීන්ට ජල හිඟයකට මුහුණ පෑමට සිදුවනු ඇති බවත් දේවහුව  ගොවි සංවිධාන පෙන්වා දෙයි.
 
මාතලේ දිස්ත්‍රික්කයත්  අනුරාධපුර දිස්ත්‍රික්කයත් මායිම්ව මාතලේ දිස්ත්‍රික් පරිපාලනය යටතේ ඇති දේවහුව ජලාශය ගලේවෙල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පිහිටා තිබේ. 
 
දේවහුව ජලාශයේ සොරොව්ව අබලන් වී මාස කිහිපයක් ගත වී ඇති බවත් දිනකට අක්කර අඩි 25ක පමණ ජල ධාරිතාවක් ඉන් පිටව යන බවත්  වාරිමාර්ග නිලධාරීන්ට දැනුම් දුන්න ද මෙතෙක් ඊට විසඳුමක් ලැබී නැතැයි ඔවුහු චෝදනා කරති.
 
මේ වන විට දේවහුව ජලාශය  යටතේ වගා කෙරුණු කුඹුරුවල වී අස්වැන්න නෙලා ගැනීමට නොහැකි තත්ත්වයක් පවතින බවත් ඉදිරියේදී ගොවීන්ට වගා කිරීමට ජලය අහිමි වීම තුළින් බරපතල ප්‍රශ්නයකට මුහුණ දීමට සිදුව ඇති බවත් ගොවීහු පවසති.
 
වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ දඹුල්ල කාර්යාලයේ වාරිමාර්ග ඉංජිනේරු ආර්. පී. වීරසූරිය මහතාගෙන් කළ විමසීමකදී ඒ මහතා කියා සිටියේ සොරොව්වේ වතුර පිටවීමක් පවතින බවය. එය අලුත්වැඩියා කිරීමට නම් ජලාශයේ ජලය අඩු කළ යුතු බව ද කුඹුරු වගා සඳහා ජලය නිකුත් කළ නිසා එය කළ නොහැකි වූ බවද ඔහු සඳහන් කළේය. 

 



අදහස් (0)

දේවහූව ජලාශයේ සොරොව්ව කැඩීයාමෙන් ගොවීන් අනතුරේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 208 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 167 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 967 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site