(අමදෝරු අමරජීව)
ත්‍රිකුණාමලය - නුවර ප්‍රධාන මාර්ගය අයිනේ පාලම් පටාරු පාලම අසල පිහිටි පත්තිනි අම්මාන් කෝවිලේ අද (25) අලුයම පිංකැටය කඩා මුදල් සොරකම් කළ තරුණයෙකු රුපියල් 16500 ක කාසි හා නෝට්ටු සමඟ අත්අඩංගුවට ගැනිමට තඹලගමුව පොලිසියට අනියුක්ත මාර්ග බාධක පොලිස් නිලධාරිහු සමත්වුහ.
සැකකරු පාසල් ළමුන් භාවිතා කරන බෑගයක් රැගෙන මෙම කැටය කඩා මුදල් ගනිද්දි මෙසේ පොලිස් අත්අඩංගුවට පත්වි තිබේ.
තඹලගමුව වැඩ බලන පොලිස් ස්ථානාධිපති පොලිස් පරික්ෂක රාහුල බණ්ඩාර කන්දේවත්ත මහතා ඇතුලු නිලධාරින් විසින් පරික්ෂණ පවත්වා සොරකම චීන වරාය පොලිස් වසමට අයත් සිමාවේ ඇති බැවින් වැඩිදුර පරික්ෂණ සදහා සැකකරු චිනවරය පොලිසියට භාරදෙනු ලැබිය.
සැකකරු තඹලගමුව , කෝවිල් අඩි පදිංචි 19 හැවිරිදි තරුණයෙකු බව පොලිසිය කියයි. චිනවරය පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරික්ෂණ පවත්වා ගෙනයයි.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
දේවාලයේ පිං කැටය කැඩු අයෙක් මුදල් සමඟ අත්අඩංගුවට