(සම්පත් ප්‍රියනන්දන සහ නාලක ජේ හෙට්ටිආරච්චි)
දෙවැනි බිරියගේ අත් දෙකට පිහියෙන් ඇන බරපතල තුවාල කළ බව කියන සැමියෙකු ලබන මස 6 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස බලන්ගොඩ මහෙස්ත්‍රාත් ජයරුවන් දිසානායක මහතා අද (29) දා නියෝග කළේය.
බලන්ගොඩ ගැටඅරලුව ප්‍රදේශයේ පදිංචි පුද්ගලයකු මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කෙරිණි.එම කාන්තාව බරපතල තුවාල ලබා බලන්ගොඩ මුලික රෝහලට ඇතුළත් කිරිමෙන් පසු තත්ත්වය බරපතල බැවින් වැඩිදුර ප්‍රතිකාර සදහා රත්නපුර මහා රෝහල වෙත මාරැකර යවා ඇතැයි පොලිසිය පවසයි.
මොහුගේ පළමු බිරිඳ මිට වසර කිහිපයකට පෙර ඝාතනය කර ඇති අතර ඒ සමිබන්දයෙන් මොහු සිර දඩුවම් ලැබු පුද්ගලයෙකි . සැකකරු තම දෙවැනි බිරිඳගේ අත් දෙකට මෙලෙස පිහියෙන් ඇන ඇති අතර පසුව 119 පොලිස් හදිසි දුරකතන අංකයට ලැබුණු ඇමතුමක් මත බලන්ගොඩ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන බලන්ගොඩ මහෙස්ත්‍රාත් වරයා හමුවට ඉදිරිපත් කළහ.
2025 නොවැම්බර් මස 17
23
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
869
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2504
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
දෙවැනි බිරියට පිහියකින් ඇන තුවාල කළ සැමියා රිමාන්ඩ්