IMG-LOGO

2025 නොවැම්බර් මස 17 වන සඳුදා


ද්විත්ව මිනීමැරුමකට සම්බන්ධ තිදෙනෙකු අල්ලයි

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

කුලි ගමනක් යන මුවාවෙන් මිනුවන්ගොඩදී සහ ජා ඇල දී ලොරි රථයක් සහ ත්‍රී රෝද රථයක් රැගෙන ගොස් එහි රියදුරන් දෙදෙනාට පිහියෙන් ඇන ඝාතනය කර ලොරි රථය කොල්ලකෑ තිදෙනෙකුගෙන් යුත් කල්ලියේ ප්‍රධාන සැකකරු අද (11) අත්අඩංගුවට ගත් බව කැළණිය කොට්ඨාස අපරාධ විමර්ශන අංශය කියයි.

මෙම සැකකරුවන් අතින් ඝාතනයට ලක්වී ඇත්තේ ජා ඇල ප්‍රදේශයේ පදිංචි 55 හැවිරිදි ලොරි රථ රියදුරෙක් සහ මිනුවන්ගොඩ පදිංචි 64 හැවිරිදි ත්‍රී රෝද රථ රියදුරෙකි.

දින දෙකක් තුළ එකම ආකාරයේ සිදුවූ මෙම අපරාධ දෙක සම්බන්ධයෙන් සී.සී.ටී.වී කැමරා පරීක්ෂා කර සැකකරුවන් අත්අඩංගුවට ගත් බව පොලිසිය පැවසීය.

31 වැනිදා සිදුවූ ලොරි රථ රියදුරාගේ ඝාතනයට පැමිණි පුද්ගලයින් මෝටර් රථයකින් පැමිණි අයුරු  සී.සී.ටී.වී දර්ශන අනුව නිරීක්ෂණය වීමෙන් පසු එහි ලියාපදිංචි අංකය අනුව එහි අයිතිකරු සොයා ගොස් විමසීමේදී එහි මෝටර් රථය නඩත්තුව සඳහා මීගමුවේ ගරාජයකට දැමූ බව අනාවරණය වූ බව පොලිසිය කීය.

ගරාජයේ හිමිකරු අත්අඩංගුවට ගෙන කරන ලද ප්‍රශ්න කිරීමේදී දින දෙකක් තුළ ජා ඇල ප්‍රදේශයේදී සිදුවූ ලොරි රථ රියදුරුගේ සහ ත්‍රී රෝද රථ රියදුරුගේ ඝාතනයට සම්බන්ධ ප්‍රධාන සැකකරු බවට අනාවරණය වූ බව පොලිස් නිලධාරියෙකු පැවසීය.

31 වැනිදා ලොරි රථය කුලි ගමනක් සඳහා යන මුවාවෙන් රැගෙන ගොස් රියදුරුට පිහියෙන් ඇන ඝාතනය කර ලොරි රථයේ කොටස් ගලවා විකුණා ඇති බව පොලිසිය කීය.

ඊට දින දෙකකට පසු ත්‍රී රෝද රථය කුලි ගමනක් සඳහා යන මුවාවෙන් රැගෙන ගොස් ත්‍රී රෝද රථ රියදුරුට පිහියකින් ඇන ඝාතනය කර ත්‍රී රෝද රථය කොල්ල කෑමට සුදානම් වූ අවස්ථාවේ ත්‍රී රෝද රථ රියදුරු රථයේ යතුර අසල කැලයකට විසිකර ඇත අතර පසුව සැකකරුවන් පලාගොස් ඇති බව ප්‍රධාන සැකකරුගේ ප්‍රකාශ වලින් අනාවරණය වූ බව පොලිසිය කීය.

මෙම ද්විත්ව ඝාතනයට සම්බන්ධ අනෙක් සැකකරුවන් දෙදෙනා කටුනායක පොලිසිය අත්අඩංගුවට ගෙන තිබේ.

 

 

 

 

 

 



අදහස් (1)

ද්විත්ව මිනීමැරුමකට සම්බන්ධ තිදෙනෙකු අල්ලයි

Pradeep Wednesday, 12 February 2020 02:55 AM

මොවුන්ට දිය හැකි ඉහලම දඩුවම් ලබා දෙන්න, නැවත මෙවැනි අහිංසකයන්ගේ ජිවිත අකාලයේ විනාශ නොකරන්න. අහන දකින කෙනෙකුට පාඩමකට ගත හැකි ආකාරයේ දඩුවමක් ලබා දෙන්න.

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 21 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 867 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2498 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

Our Group Site