IMG-LOGO

2025 සැප්තැම්බර් මස 20 වන සෙනසුරාදා


දරුවන් සිව් දෙනා සමඟ අසරණ වු සැමියා බිරිඳව සොයයි

(චන්දන ප්‍රනාන්දු)                                                                      

නයිනමඩම, ලිහිරියාගම ,මැල්වත්ත ප්‍රදේශයේ  ලොතරැයි අලෙවි කරමින්  දරුවන් සිව් දෙනකු සමඟ  දිවි ගෙවන  විශේෂ අවශ්‍යතා සහිත අයකු වන දුමින්ද සුරේෂ්  මහතා  බිරිඳ ඔහු හැර යාම නිසා  දරුවන්  සිව්දෙනා හදාවඩා ගැනීමට නොහැකිව  දැඩි අසරණ තත්ත්වයට පත්ව තිබේ.

සිය බිරිඳ පසුගිය දෙසැම්බර් මාසයේදි තමන් සහ දරුවන්  හැර යාම නිසා මෙලෙස දරුවන් පෝෂණය කිරීමේදී තමන් දැඩි ගැටළුවකට මුහුණ දී ඇති බව දුමින්ද මහතා පවසයි.

වසර 18 ක් තිස්සේ බිරිඳ තමන් සමඟ පවුල් ජීවිතය ගත කළ බවත් බිරිඳ හිටි හැටියේ  තමන් සහ දරුවන් අතහැර යාම නිසා  මේ වන විට වයස අවුරුදු 4 ක් 8 ක් 14 ක් හා 17 වයසැති දරුවන් හතරදෙනා  සමඟ තමන් කිසිවක් කර කියා ගත නොහැකිව  අසරණ වී ඇතැයි ඔහු සඳහන් කරයි.

මවගේ හැරයාම දරුවන් දැඩි මානසික පීඩනයකට ලක් ඇති අතර  ඔවුන්ගේ අධ්‍යාපන කටයුතුද අතරමග නැවැතී ඇත. පාසල් යමින් සිටින දියණිය ඉගෙනුම අතහැර බාල සහෝදරිය සහ සහෝදරයන් දෙදෙනා  වෙනුවෙන් ගෙදර නැවතීමටද සිදුව තිබේ.  

එමෙන්ම  දරුවන් නිතරම මව ගැන විමසීම නිසා තමන්ද  අසරණ තත්වයට පත්ව ඇතැයි ද දරුවන් ගැන සිතා හෝ නැවත පැමිණෙන ලෙස සිය  බිරිඳගෙන් ආයාචනය කරන බවත් දුමින්ද මහතා පවසයි.

බිරිදගේ මෙම හැර යාම සම්බන්ධව දුමින්ද මහතා වෙන්නප්පුව පොලීසියට පැමිණිල්ලක් කර තිබේ. ඇය පිළිබද තොරතුරු දන්නා අයෙක් වේ නම් ළඟම ඇති පොලිස් ස්ථානයට දැනුම් දෙන්නැයි  ඔහු ඉල්ලීමක් කරයි.



අදහස් (0)

දරුවන් සිව් දෙනා සමඟ අසරණ වු සැමියා බිරිඳව සොයයි

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31609 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13997 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11091 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 170 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1100 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 307 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site