(ආනන්ද ඉ. ජයකොඩි)
දරුවකුගේ ශල්‍යකර්මයකට යැයි කියා ව්‍යාජ සහතික පත් පෙන්නා වංචනිකව නිට්ටඹුව නගරයේ මුදල් එකතු කරමින් සිටි බව කියන සැකකාරියන් දෙදෙනෙකු ලබන මස 15 වැනිදා දක්වා රිමාන්ඩ් කරන ලෙස අත්තනගල්ල වැඩ බලන මහේස්ත්‍රාත් සිරිපාල එම්. පතිරණ මහතා අද (10) පස්වරුවේ නියෝග කළේය.
මොවුන් සන්තකයේ තිබී රෝගී දරුවන්ගේ යැයි ජනතාවට පෙන්වූ ව්‍යාජ පින්තූර, ව්‍යාජ වෛද්‍ය සහතික පත්‍ර, රුපියල් 100 වටිනාකමකින් යුත් ටිකට් පත් තොගයක් හා ව්‍යාජ ටිකට් පත් අලෙවි කොට උපයාගෙන තිබූ රුපියල් තුන්දහස් හයක මුදලක් ද අත් අඩංගුවට ගෙන තිබිණි.
මොවුන් කාලයක් තිස්සේ විවිධ ප්‍රදේශවලට ගොස් ව්‍යාජ පින්තූර, ව්‍යාජ සහතික පෙන්නා වංචනිකව මුදල් ලබා ගැනීමේ ජාවාරමක් කරගෙන ගොස් ඇති බව පොලිස් පරීකෂණවලදී හෙළිවී ඇත.
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
දරුවන් පෙන්නා වංචා කළ දෙදෙනෙක් රිමාන්ඩ්