(ජේ. කේ. එල්. චාමින්ද සහ පියරත්න ජයවික්‍රම)
නව හැවිරිදි පාසල් දැරියක් බරපතල ලෙස ලිංගික අපයෝජනයට ලක් කිරීම සම්බන්ධයෙන් දැරියගේ සීයා අත්අඩංගුවට ගත්බව නෙළුව පොලිසිය පවසයි.
සැකකරු 52 හැවිරිදි වියේ පසුවන මාවනාන ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකි.
මාස පහක ඇතුළත කාලය තුළ අවස්ථා පහකදී මෙම දැරිය අපයෝජනයට ලක් වී ඇති බව පොලිසිය පවසයි.
නෙළුව පොලිසිය මගින් ළමා අපචාර හා දුෂණ පිළිබඳව පාසල් සිසු සිසුවියන් දැනුවත් කිරීමේ වැඩසටහන් ගණනාවක් පසුගිය දින කිහිපයේදී පැවැත් වූ බවත්, එම වැඩමුළුවකට සහභාගි වූ මෙම දැරිය පසුව මෙම සිද්ධිය මවට පවසා ඇති බවත් ඇය විසින් පොලිසියට පැමිණිලි කළ බවත් පොලිසිය වැඩිදුරටත් කියයි.
නෙළුව පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
2025 දෙසැම්බර් මස 18
249
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
181
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
987
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
දැරියක අපයෝජනය කළ සීයා අත්අඩංගුවට