(ඩී.ජී.සුගතපාල)
පහළොස් හැවිරිදි දැරියකට අතවර කිරිමේ සිද්ධියක් සම්බන්ධයෙන් කුලියාපිටිය මහාධිකරණයේ වරෙන්තු ලබා සිටි විත්තිකරුවෙකු සිව්වසරක් සැඟව කරාපිටිය රෝහලේ පෞද්ගලික උපාස්ථායකයකු ලෙස සේවයේ යෙදී සිටියදී ගාල්ල පොලිසිය අද (10) අත්අඩංගුවට ගෙන ඇත.
මෙම සැකකරු කුලියාපිටියේ පදිංචි 49 හැවිරිදි දෙදරු පියෙකු වන අතර මෙයට වසර 15 කට පමණ පෙර විශේෂ අවශ්‍යතා සහිත මෙම දැරිය දූෂණය කිරිමේ චෝදනාව යටතේ කුලියාපිටිය මහාධිකරණයේ විභාග වන නඩුවේ විත්තිකරුවෙකි.
විත්තිකරු මහාධිකරණයෙන් ඇප ලැබිමෙන් පසු අධිකරණය මගහැර මෙයට වසර හතරකට පමණ පෙර අකුරැස්ස ප්‍රදේශයට පැමිණ වෙනත් විවාහයක් කරගෙන පෞද්ගලික උපස්ථායක ආයතනයකට බැඳි කරාපිටිය රෝහලේ සේවයේ යෙදි සිටියදි ලැබුණු තොරතුරක් මත අත් අඩංගුවට ගෙන ඇත.
සැකකාර විත්තිකරු අද ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර බන්ධනාගාරය මගින් කුලියාපිටිය මහාධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතය.
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
දැරියක් අපයෝජනය කළ අයෙක් සිව් වසරකට පසු අත්අඩංගුවට