IMG-LOGO

2025 ජුලි මස 24 වන බ්‍රහස්පතින්දා


දර්ගා නගරයේ පාසලක ගැටුමට සම්බන්ධ සිසුන් 4 ක් ඇතුළු 10 ක් අත්අඩංගුවට

(අලුත්ගම තුසිත කුමාර ද සිල්වා)

දර්ගා නගරයේ ප්‍රසිද්ධ පාසලක උසස් පන්ති දෙකක සිසුන් දෙපිරිසක් අතර ඇති ඇතිවූ ගැටුමට සම්බන්ධ සිසුන් හතර දෙනකු ඇතුළු 10 දෙනකු  අත්අඩංගුවට ගෙන ඇතැයි අද (9)අලූත්ගම පොලිසිය කියයි .

සිද්ධියෙන් අනතුරුව එම විද්‍යාලයට බලහත්කාරයෙන් පැමිණ කළහකාරී ලෙස හැසිරී එම විද්‍යාලයේ දේපල වලට හානි කරන ලද බව කියන තුවාල ලැබූ සිසුවා ගේ පියා ඇතුළු සැකකරුවන් හය දෙනෙක් පොලිස් අත්අඩංගුවට ගැනීමට කටයුතු කළ බව විමර්ශන සිදුකරන අලුත්ගම පොලීසිය කියයි 

මෙම ගැටුමෙන් සිසුවකුගේ එක් ඇසකට බරපතළ තුවාල සිදුව ඇති අතර ඔහු  කළුතර නාගොඩ රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව එම සිසුවා කොළඹ ජාතික රෝහලට මාරු කර යවා ඇතැයි පොලීසිය සඳහන් කළේය.

සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් හය දෙනා ඇතුළු පාසල් සිසුන් හතර දෙනා අධිකරණ ඉදිරිපත් කිරීමට නියමිතය .

මේ හේතුවෙන් අද (9)දින ද කිසිම සිසුවෙක් පාසලට පැමිණ නොමැති බව බේරුවල කොට්ඨාස අධ්‍යාපන අධ්‍යක්ෂ ජයන්ත සෝමරත්න මහතා පැවසීය .
 



අදහස් (0)

දර්ගා නගරයේ පාසලක ගැටුමට සම්බන්ධ සිසුන් 4 ක් ඇතුළු 10 ක් අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 104 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 21 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 676 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

Our Group Site