IMG-LOGO

2025 සැප්තැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


දුරකථන කුළුණකින් සොරාගත් බැටරි 13ක් සමඟ 3ක් අල්ලයි

(ඔගස්ටින් ප්‍රනාන්දු) 
 
පල්ලම කම්මන්දළුව ප්‍රදේශයේ වෑන් රථයකින් සංඥා කුළුණු වලින් ගලවා ගෙන යමින් තිබු බැටරි 13 ක් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයන් තිදෙනෙකු අත්අඩංගුවට ගත් බව පල්ලම පොලිසිය කියයි.
 
පල්ලම පොලිසිය නිලධාරීන් පිරිසක් මුර සේවයේ නිරතව සිටියදී මෙම වෑන් රථය නවතා පරීක්ෂා කර ඇත.
 
බැටරි එක්තරා පුද්ගලයෙකුට බාර දෙන ලෙසට දුන් බව වාහනයේ සිටි තිදෙනා පවසා ඇති බවත් පොලිසිය පවසයි.
 
පොලිසිය විසින් මේ බව දුරකතන සමාගම්වලට දැනුම් දුන් පසු බිංගිරිය වීරපොකුණ දුරකතන කුළුණක සවි කර තිබූ බැටරි 15 න් 13 ක් කිසිවකු ගලවාගෙන ගොස් ඇති බවත් එම සමාගමේ නියෝජිතයෙකු පැමිණ අත් අඩංගුවට ගෙන ඇති බැ‍ටරි තම සමාගමට අයත් ඒවා බබවට තහවුරු කර ඇති බවත් පොලිසිය වැඩිදුරටත් කියයි. 
 
අත්අඩංගුවට ගත් සැකකරුවන් පොළොන්නරුව සහ කොටවෙහෙර පොලිස් වසමේ පදිංචි වයස 32ත් 27 ත් අතර පසුවන අය බවත් කියයි.
 
සැකරුවන් ආණමඩුව අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතය.



අදහස් (0)

දුරකථන කුළුණකින් සොරාගත් බැටරි 13ක් සමඟ 3ක් අල්ලයි

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 32267 39



රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14760 10


මේවාටත් කැමතිවනු ඇති

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 81 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 357 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1276 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

Our Group Site