IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


දුරකතන වංචාකරුවෙක් කටුනායකදී අත්අඩංගුවට

(ටී.කේ.ජී.කපිල )

අන්තර් ජාලය ඔස්සේ පළ වන දුරකතන අලෙවි වෙළෙඳ දැන්වීම් වලට අනුව ඒවා මිලදී ගැනීමට පැමිණ ව්‍යාජ දුරකථන නිවේදන පෙන්වා වංචා කළ තරුණයෙකු කටුනායක ගුවන් තොටුපළ පොලිසිය අද (23) කටුනායක ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට තරුණයා 21 හැවිරිදි අයෙකු වන අතර  ඔහු හික්කඩුව ,කොළඹ සහ  නුගේගොඩ ප්‍රදේශ වල පදිංචිව සිටිමින් එම ප්‍රදේශ වලදී විවාහයන් දෙකක් ද සිදුකර ගත් අයෙකු බව  පොලිසිය සිදු කරන ලද මූලික පරීක්ෂණ වලදී අනාවරණය කරගෙන තිබේ.

මොහු මුලින්ම අන්තර් ජාලය ඔස්සේ පළ වන දුරකතන අලෙවිය පිළිබඳව ඇති දැන්වීම් වල ඇති හිමිකරුවන්ට කතා කර පසුව ඔවුන් වෙත පැමිණ අදාළ දුරකථන පරීක්ෂා කර එම අයිතිකරුවන් සමඟ මිල ගනන් වලට එකඟ වේ.

ඉන්පසු ඔහු එම දුරකතනය අයිතිකරුගේ බැංකු ගිණුම් අංකය ලබා ගෙන ඔහු  තම ජංගම දුරකථනය ඔස්සේ ඔහුගේ බැංකු ගිණුමෙන් අදාළ මුදල මෙම දුරකතන හිමිකරුගේ ගිණුමට මාරු වූ බවට බැංකුවෙන් නිකුත් කළ බව හැගවෙන ව්‍යාජ බැංකු නිවේදනයක් පෙන්වා එම දුරකථනය රැගෙන පළා යයි.

පසුව එම දුරකතන හිමිකරුවන් තම බැංකුවෙන් මෙම ගණුදෙනුව පිළිබඳව විමසීම් සිදු කිරීමේ දී  එවැනි මුදල් හුවමාරුවක් සිදුවී නොමැති බව වාර්තා වීමෙන් පසු ඒ පිළිබඳව මෙම තරුණයාට දැන් වූ විට අන්තර් ජාලයේ පමා වීමක් මත මෙය සිදු වී ඇති බවත් එය තව මද වේලාවකින් නිවැරැදි වන බවත් ඔහු ප්‍රකාශ කරන බවට කරුණු අනාවරණය වී තිබේ.

ඒ අතරතුර ඔහු එම ජංගම දුරකථනය අලෙවි කර මුදල් ලබා ගැනීම සිදු කරයි.

මේ ආකාරයට ඔහු කළ වංචාවන් රාශියක් පිළිබඳව දෙහිවල , පානදුර , ගල්කිස්ස , මිරිහාන සහ කටුනායක ඇතුළු පොලිස් ස්ථාන ගණනාවකට පැමිණිලි ලැබී තිබුණි.

අන්තර් ජාලයේ එවැනි දැන්වීමක් පළකර ඇති කටුනායක ගුවන් තොටුපළ පොලිසිය මෙම තරුණයා මෙම ජංගම දුරකථනය ලබා ගැනීමට කටුනායක ප්‍රදේශයට පැමිණ සිටියදී මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර තිබේ.

 

 

 

 

 



අදහස් (0)

දුරකතන වංචාකරුවෙක් කටුනායකදී අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 208 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 167 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 967 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site