දොම්පේ, යට්ටෝවිට, බෙලිගහ පාරේ දියමංකඩේ දියේ ගිලී අතුරුදහන්ව සිටි පුද්ගලයෙකු සොයා ක්‍රියාත්මක කළ කිමිදුම් මෙහෙයුමකට අනුව අද(01) එම පුද්ගලයාගේ මෘත දේහය සොයා ගත් බව නාවික හමුදාව පවසයි.
යට්ටෝවිට දියමංකඩේ පුද්ගලයෙකු දියේ ගිලී අතුරුදන් වී ඇති බව දොම්පේ පොලිසිය විසින් නාවික හමුදා මුලස්ථානය වෙත ලද දැනුම් දීමකට අනුව බටහිර නාවික විධානයට අනුයුක්ත කිමිදුම් කණ්ඩායමක් එම ස්ථානය වෙත පිටත් කර යැවීමට කටයුතු කර තිබිණි.
මහත් පරිශ්‍රමයක් දරා දිය යට සැඟව තිබූ එම පුද්ගලයාගේ මෘත දේහය සොයා ගත් බව නාවික හමුදා නිලධාරීහු පැවසූහ.
මියගිය පුද්ගලයා දොම්පේ, යට්ටෝවිට තිත්තපත්තර පදිංචි 19 හැවිරිදි තැනැත්තෙකි.
වැඩිදුර විමර්ෂණ කටයුතු සඳහා මළ සිරුර දොම්පේ පොලීසිය වෙත භාර දී ඇත.
(ඡායාරූප - නාවික හමුදා මාධ්‍ය අංශය)


2025 දෙසැම්බර් මස 18
158
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
149
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
957
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
දියේ ගීලි මිය ගිය පුද්ගලයෙකුගේ මළසිරුර සොයා ගැනේ