(පැතුම් දර්ශන)
හොරොව්පොතාන මරදන් කඩවල වැවේ දිය නෑමට ගොස් අතුරුදහන් වූ පුද්ගලයෙකුගේ සිරුරක් අද (06) උදෑසන ගොඩගත් බව හොරොව්පොතාන පොලිසිය කියයි.
මෙලෙස මියගොස් ඇත්තේ හොරොව්පොතාන, අලුත් වත්ත, අක්කර සීය, ලිපිනයෙ පදිංචි මුස්තාපා මොහොමඩ් පයිරුස් නමැති එක්දරු පියෙකි.
මොහු ඊයේ (05) සවස තවත් මිතුරන් හතරදෙනකු සමග මරදන් කඩවල වැවෙ දිය නෑමට ගොස් ඇති අතර එහිදී නෙළුම් කොළයක් කැඩීමට යැයි පවසමින් මංකඩේ සිට මීටර් විස්සක් පමණ ගැඹුරු දියට පිහිනා ගොස් ඇති බවයි.
එහිදී ඔහු දියෙ ගිලී මරණයට පත්ව ඇති බවත් පොලිසිය වැඩිදුරටත් කියයි.
ඥාතීන් සහ ප්‍රදේශවාසීන් මේ සම්බන්ධයෙන් දැනුවත් කිරිමෙන් පසු එම ස්ථානයට පැමිණි හොරොව්පොතාන පොලිසියෙ නිලධාරීන් සහ ප්‍රදේශවාසීන් මිය ගිය පුද්ගලයාගේ සිරුර සොයාගැනීමට දැඩි වෙහෙසක් ගත්තද එය පල රහිත විය.
ඒ අනුව අනුරාධපුර පොලිස් ජීවිතාරක්ෂක කණ්ඩායමේ නිලධාරීන්ද එම ස්ථානයට ගෙන්විමට පොලිසියට සිදුවිණි. පසුව එම නිලධාරීන් විසින් අද(06) මිය ගිය පුද්ගලයාගේ සිරුර සොයාගෙන ගොඩට ගනු ලැබීය.
මිය ගිය පුද්ගලයාගේ සිරුර සම්බන්ධයෙන් මරණ පරීක්ෂණය සිදුකල කැබිතිගොල්ලෑව වැඩබලන මහේස්ත්‍රාත් නිලුකා ප්‍රියදර්ශනී මහත්මිය නියෝග කළේ පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා අනුරාධපුර ශික්ෂණ රෝහල වෙත සිරුර යොමු කරන ලෙසටය.
හොරොව්පොතාන පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ලක්මාල් විජයරත්න මහතාගේ අධීක්ෂණය යටතේ අපරාධ අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ගාමිණී ජයවර්ධන, සැරයන් වරුන් වන (14993) කරුණාරත්න.(59397) හෙරත් යන නිලධාරින් විසින් ඉදිරි පරීක්ෂණ සිදු කරති.
ගම්පහ දිස්ත්‍රික්කය තුල කළු ගල් කැඩීම පිනිස සම්බන්ධීකරණ කමිටු අනුමැතියකින් තොරව භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය මගින් අවසර ලබා දීම නොකළ යුතු බව
වීරකැටිය,මුල්ගිරිගල කැලෑබද පාලු ඉඩමක ගංජා වගා කල පුද්ගලයකු සරුවට වැවුනු ගංජා පැල 12900 ක් සමඟ ගොවියකු අත් අඩංගුවට ගත් බව ඕකවෙල පොලිසිය පවසයි .
හෙරොයින් ජාවාරමෙන් උපයාගන්නා ලද රුපියල් ලක්ෂ 82 ක මුදලක් හා මුදල් ගණන් කිරීමේ විද්‍යුත් යන්ත්‍රයක් සමග පුද්ගලයන් දෙදෙනෙක් කොළඹ කෙසෙල්වත්ත ප්‍රදේශයේ
මහර බන්ධනාගාරයේ රඳවා සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙහෙයවන මත්ද්‍රව්‍ය ජාවාරමේ ප්‍රධාන ගෝලයා ලෙස කටයුතු කරන කාන්තාවක් මත්කුඩු හා මුද
උතුරු නැගෙනහිර බිම් බෝම්බ ඉවත් කිරීමේ නිරත යුද හමුදාවේ සහ රාජ්‍ය නොවන ආයතනවල සාමාජික සාමාජිකාවන්ගේ සහභාගීත්වයෙන් ක්‍රිකට් තරගාවලියක් සහ කඹ ඇදීමේ ත
ජෙලෙග්නයිට් පුපුරණ ද්‍රව්‍ය කූරු 100 ක් යතුරුපැදියකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු මන්නාරම නගරය දී අද (5) අලුයම මන්නාරම පොලිසිය මගින් අත්අඩංගුවට
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
දියේ ගිලි අතුරුදන් වූ එක්දරු පියාගේ සිරුර ගොඩ ගනී