IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


දියබෙඳුම රෝහල වසා දැමීමෙන් රෝගීහු අසරණ වෙති

(ඩබ් ඒ පියතිලක)

ඇළහැර- දියබෙදුම ප‍්‍රාථමික රෝහල අද  (22) දින කිසිදු  දැනුම් දිමකින් තොරව සියලු ම ප‍්‍රතිකාර කටයුතු නවතා දැමීමෙන්  රෝගීහු දැඩි අසීරුතාවට පත්ව ඇතැයි කියති.

නේවාසිකව ප‍්‍රතිකාර ලැබු  රෝගින් පොලොන්නරුව මහ රොහල වෙත යවා රෝහල වසා දමා ඇති අතර ඇතැම් රෝගීහු  රෝහල තුළට ගෝස් තමන් විසින් ම ප‍්‍රතිකාර ලබා  ගන්නා බව ද ප‍්‍රදේශවාසිහු කියති. 

දියබෙදුම ප‍්‍රාථමික රෝහලෙන් ගම්මාන රැසක ජනතාව දිනපතා ප‍්‍රතිකාර ලබා ගැනිම සදහා රෝගින් 400ක් 500ක් පිරිසක් පැමිණෙන බවත් රොගින්ට අවශ්‍ය සියලු පහසුකමි මෙම රෝහලේ ඇති නමුත් වසර ගණනාවක සිට අඅවශ්‍ය වෛද්‍යවරු ඇතුඑ කාර්ය මණ්ඩලය නොමැති කම නිසා  ප‍්‍රතිකාර ලබා ගැනිමට පැමිණෙන රෝගින් දැඩි අපහසුතාවයට පත් වෙන බව ජනතාව පවසා සිටි. මෙහිදි  ප‍්‍රතිකාර සදහා පැමිණෙන රෝගින් රෝහලට ඇතුල් වි තුවාල සදහා තමන් විසින් ප‍්‍රතිකාර ලබා ගන්නා අයුරු දැකගත හැකි විය.

රෝහලේ නෙවාසික ප‍්‍රතිකාර ලබා ගැනිම සදහා වාටිටු සංකිර්ණයක්  ඇතුඑ සියලු පහසුකමි ඇති නමුත් කාර්යමණ්ල 20ක් පමණ සේවය කරන අතර (22)  දින සෙවයට වාර්තා කර  සිටියේ එක් හෙදියක සහ උපස්ථායකයන් දෙදෙනෙකු පමණි. 

මේ  සමිබන්ධයෙන් මෙම රෝහලේ වෛද්‍යවරයා සමිබන්ධ කර ගැනිමට උත්සාහ කලත් එය නොහැකි විම නිසා එහි සිටි සේවකයන් පවසා සිටියේ  අද දිනයේ වෛද්‍යවරු  කිසි කෙනෙකු නොමැති නිසා රෝහල වසා දැමු බවත් රෝහලේ වෛද්‍යවරු දෙදෙනෙකු පමණක් සිටින බවත් එක් වෛද්‍යවරයෙකු කලක සිටි අසනිප වි ඇති බැවින ඔහු රෝහලට නොපැමිණෙන අතර සිටින වෛද්‍යවරයා එ කදිගටම වැඩ කිරිම නිසා අද දිනයේ නිවාඩු ලබා ඇති බවයි.

මේ සමිබන්ධයෙන් පොලොන්නරුව ප‍්‍රාදේශිය සෞඛ්‍ය   අධ්‍යක්ෂක වෛද්‍ය  ඩි එස් ඒ  ජයසිංහ මහතා මෙසේ සඳහන් කළේය.

මෙ  රෝහලේ  වෛද්‍යවරු දෙනෙක් ඉන්නා එයින් එක්කෙනෙක් අසනිප වෙලා ගිහිල්ලා. අනික් කෙනා නිවාඩු ගිහිල්ලා  ඉතින් මං  ගාව  දොස්තරලා නැනේ හිටි ගමන් එවන්න.වෛද්‍යවරයෙක් ගන්න එක ලෙසි වැඩක් ද ඉතින් රෝහල වහලා. තියෙන්නේ එකම පිළියමක් විතරයි  ස්ථාන මාරු වෙලා  එන්න වෛද්‍යවරයෙක් ඉන්නවා  එයාව ඒ රෝහලෙන් එවන්නේ නැ ඒ රෝහලේ වෛද්‍යවරු හිග නිසා. ඉතින් මට කරන්න දෙයක් නැ ඉන්න කෙනා එනකං ඔහොම තමා යැයි  අධ්‍යක්ෂකවරයා කිය



අදහස් (1)

දියබෙඳුම රෝහල වසා දැමීමෙන් රෝගීහු අසරණ වෙති

maheshika Sunday, 22 July 2018 09:14 AM

අවුරුදු පතා පිටවෙන දොස්තරලට මොකද වෙන්නේ? ඉන්දියාවෙන් හරි දොස්තරලා ගෙන එන්න කාලය ඇවිත්. දුප්පතාගේ මුදලින් දොස්තරලා වෙලා, සේවය කරන්න යන්නේ ඔස්ට්‍රේලියාවට නැත්නම් එංගලන්තයට. නොමිලේ වෛද්‍ය උපාධිය ලබා දීම වහාම නතර කරනු.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 434 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 245 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1032 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site