(නාලක සංජීව දහනායක)
බත්තරමුල්ල, දියත උද්‍යානයේ නඩත්තු කටයුතු විධිමත්ව සිදුකරන ලෙසට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා නිලධාරීන්ට උපදෙස් දී තිබේ.
පසුගිය රජය සමයේදී නිසිලෙස නඩත්තු නොකිරීම නිසා මෙම උද්‍යානය කෙරෙහි ජනතාවගේ අවධානය අඩුවෙමින් පැවැතුණි.
දියත උද්‍යානයේ දුම්රිය ස්ථානයක දුම්රියක් නතර කර ඇති අන්දමට සකස්කර ඇති අවන්හලක්ද නිර්මාණය කර ඇති අතර එමඟින් දේශීය ආහාර වර්ගවලට අමතරව ඉන්දියානු හා චීන ආහාරවර්ග ලබාගැනීමේ පහසුකම්ද ඇත.
දුමිරිය මැදිරි හතරක සකසා තිබෙන මෙම අවන්හලෙහි දෙසිය පනහක පමණ පිරිසකට එකවර ආහාර ලබාගැනීමේ පහසුකම් සළසා තිබේ.
එමෙන්ම කෘෂි නිෂ්පාදන, කෘෂි උපකරණ, මල් හා ඒ ආශ්‍රිත නිෂ්පාදන, එළවළු හා පළතුරු අළවිකරනු ලබන ස්වයං රැකියා ලාභීන් සඳහා කුටි 164 න් සමන්විත අළවි මධ්‍යස්ථානයක්ද දියත උයන පරිශ්‍රයේ නිර්මාණය කර ඇත. සතියේ සෑම සිකුරාදා, සෙනසුරාද හා ඉරිදා දිනවල එම අළෙවි මධ්‍යාස්ථානය විවෘතව පවතී.
දියත උද්‍යානයේ වාහන නවතා තබන රථ ගාලේ සිට අළවි කුටි වෙත ජනතාව ප්‍රවාහනය කිරීම සඳහා විද්‍යුත් බැටරි මඟින් ක්‍රියාත්මක වන පරිසර හිතකාමී ප්‍රවාහන සේවයක්ද ක්‍රියාත්මක කෙරේ.
2025 නොවැම්බර් මස 17
27
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
875
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2508
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
දියත උයනේ නඩත්තු විධිමත් කරන්නැයි අගමැතිගෙන් උපදෙස්