(ඩී.ජී.සුගතපාල)
එකොළොස් හැවිරිදි දියණියව අපයෝජනය කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත්කළ සැකකාර පියෙකු 29දක්වා රිමාන්ඩ් බන්ධනාගාර ගත කිරීමට ගාල්ල අතිරේක මහේස්ත්‍රාත් පවිත්‍රා සංජීවනී පතිරණ මහත්මිය අද (17) නියෝග කළාය.
මෙසේ රිමාන්ඩ් බන්ධනාගාර ගත කරන ලද්දේ අක්මිමණ පොලිස් වසමේ පදිංචි ගාල්ල නගරයේ හෝටලයක සේවය කරන 30 හැවිරිදි පුද්ගලයෙකි.
සැකකරු අධිකරණයට ඉදිරිපත් කරමින් පොලිසිය කියා සිටියේ කලක සිට බිරිඳ නිවසින් පිටතට ගිය අවස්ථාවලදී දියණියව අපයෝජනය කර කිසිවෙකුට නොකියන ලෙස මරණ තර්ජන කර ඇති බවත් දැරිය මේ පිළිබඳව මවට පවසා ඇති බවත්ය.
දිනක් දියණියට අතවර සිදු කරනු මව දැක ඇති අතර එහිදි ඔවුන් අතර ආරවුලක් ඇතිවී තිබෙන බවත් පසුව මව සිද්ධිය පොලිසියට පැමිණිලි කර ඇති බවත් පොලිසිය කියාසිටියේය.
අක්මීමණ පොලිස් ස්ථානාධිපති පොලිස් පරික්ෂක අමරසේන මහතාගේ උපදෙස් පරිදි ළමා හා කාන්තා කාර්යංශයේ ස්ථානාධිපතිනි පොලිස් පරික්ෂිකා නිශාන්ති, සැරයන් ලක්ෂ්මන් යන මහත්ම මහත්මින් විසින් සැකකරු අධිකරණයට ඉදිරිපත් කරන ලදී.
2025 දෙසැම්බර් මස 16
106
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
911
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
623
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
දියණිය අපයෝජනය කළ පියා රිමාන්ඩ්