(තිලකරත්න දිසනායක)
එච්අයිවී ආසාදිත තත්ත්වයේ පසුවන බව පැවසෙන මවකගේ දැරියට (9) දැනට ඉගෙනුම ලබන පාසලෙන් ලැබෙන අඩු සැලකිලි නිසා වෙනත් පාසලක් ලබාදෙන ලෙස ඉල්ලා අද (26) දහවල් දැරිවියගේ මව සහ ඥාති කාන්කාවක ගම්පහ කලාප අධ්‍යාපන කාර්යාලය ඉදිරිපිට උපවාසයක් ආරම්භ කළහ.
මෙම වසරේ පහ වසර ශිෂ්‍යත්වයට පෙනී සිටින බැවින් වෙනත් පාසලකට ඇතුළත් කර දෙන ලෙස ඉල්ලා ඔවුහු වෙස් මුහුණු පැළඳ කලාප කාර්යාලයෙහි දොරටුව අසල බිම වාඩි සිටියහ.
මෙම දැරියගේ මවට ඒඩ්ස් වැළඳ ඇති බව දැනට වසර එක හමාරකට පමණ ඉහතදී රූපවාහිනී නාලිකාවක ප්‍රචාරය වීමත් සමඟ දැරියට ගැටලුකාරී තත්ත්වයකට මුහුණ දීමටසිදුවූවාය.
ඒ අනුව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ මැදිහත්වීමෙන් දැරියට පාසලට යෑමේ අවස්ථාව යලි සැලසිනි. එහෙත් මේ වනවිට දැරියට පාසලට යා නොහැකි සේ අපහාසාත්මක අන්දමින් ඇනුම්පද පවසන බැවින් තම දරුවා පාසල් යාම ප්‍රතික්ෂේප කොට ඇතැයි දැරියගේ මව පැවසුවාය.
මේ සම්බන්ධයෙන් ගම්පහ කලාප අධ්‍යාපන අධ්‍යක්ෂිකා ඩබ්ලිව්.මල්ලිකා මහත්මියගෙන් කළ විමසීමේ දී ප්‍රකාශ කර සිටියේ අදාළ පාසලෙහි විදුහල්පතිවරයා කැඳවා මේ පිළිබද විමසු අතර මෙම සිසුවියගේ මව සහ ඇගේ ඥාතිවරිය පවසන අන්දමේ තත්ත්වයක් පාසලෙහි නොමැති බැවින් ගතයුතු ක්‍රියාමාර්ගය කුමක්ද යන්න සම්බන්ධයෙන් බස්නාහිර පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරයා වෙතින් අවශ්‍ය උපදෙස් ලබා ගැනීමට පියවර ගන්නා බවයි.
ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව මේ ගැටලුව ගැන සාකච්ඡා කිරීමට කලාප අධ්‍යාපන අධ්‍යක්ෂිකාව ඇතුළු නිලධාරීන් මීට ඉහත ගෙන්වූ අතර කලාප අධ්‍යාපන අධ්‍යක්ෂිකාවගෙන් ලැබෙන සහයෝගය අඩු බැවින් පසුගිය සතියේ පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරයා ගෙන්වීය. එහිදී දැරියට පාසල් යාමේ වාතාවරණයක් සකස් කර දෙන ලෙස පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරයාට කොමිසම දැනුම් දුන්නේය.
2025 නොවැම්බර් මස 04
757
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2405
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1760
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
දියණියට පාසල් ඉල්ලා මව උපවාසයක් අරඹයි