(ශාන්ත චන්ද්‍රසිරි)
දිඹුල -පතන ඩෙවෝන් රක්ෂිතයේ විශාල ගින්නක් අද (24) සවස ඇති වී ඇතැයි දිඹුල- පතන පොලීසිය පවසයි.
පවතින වියලි කාලගුණික තත්ත්වය හේතුවෙන් මෙම ගින්න රක්ෂිතයේ විශාල බිම් ප්‍රදේශයක් පුරා පැතිරී යමින් පවතී.
මෙම ගින්නෙන් ඩෙවෝන් රක්ෂිතයේ අක්කර පහකට වඩා බිම් ප්‍රදේශයක් සම්පුර්ණයෙන්ම ගිනි ගෙන විනාශයට පත්ව තිබිණු අතර, තවත් විශාල ප්‍රදේශයක් පුරා ගින්න ව්‍යාප්තව යමින් පැවැතිණි.
ගිනි ගැනීමට ලක් වු රක්ෂිතයේ ඉහළ ප්‍රදේශයේ ඩෙවෝන් දිය ඇල්ල පිහිටා ඇති අතර, පවතින දැඩි වියළි තත්ත්වය හේතුවෙන් මෙම ගින්න රක්ෂිතයේ විශාල කොටසට ව්‍යාප්තව යාමට ඉඩ ඇතැයි පතන වැසියෝ කියති.
දිඹුල- පතන පොලීසියේ පොලිස් පරීක්ෂක නිලන්ත මහතා ඇතුළු පොලිස් නිලධාරීහු හා පතන ප්‍රදේශවාසීහු එකතුව රක්ෂිතයේ පැතිරී යමින් පවතින ගින්න නිවා දැමීමට විශාල වෙහෙසක් දරමින් සිටිති.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
දිඹුල -පතන ඩෙවෝන් රක්ෂිතයේ ගින්නක්