(නිමල් ජයරත්න)
මනම්පිටිය ‘ශූභාරංචි සේවා මධ්‍යස්ථානයේ‘ පියතුමාට දිඹුලාගල මහවැලි නිලධාරීන් පිරිසක් පහරදී පියතුමා විසින් සිටවූ කුඹුක් පැළ ගලවා ඒවාට හානි කළැයි පවසා එම සේවා මධ්‍යස්ථානයේ සිසුහු සහ ඔවුන්ගේ මව්පියවරු පිරිසක් අද (12) සවස විරෝධතාවයක නිරත වූහ.
ඉකුත් 11 වැනිදා මහවැලි නිලධාරීන් පිරිසක් පැමිණ එම සේවා මධ්‍යස්ථානය අවට සිටවා තිබූ කුඹුක් පැළ ගලවා විනාශ කර මධ්‍යස්ථානය භාර නිශාන්ත ඩැනියල් පියතුමාට පහරදී පලාගොස් ඇතැයි විරෝධතාවයේ නිරත වූ පිරිස කියති.
මේ පිළිබඳව ඔවුන් පොළොන්නරුව පොලිසියටද පැමිණිල්ලක් ගොනු කළ බව විරෝධතාවයේ නිරත වූ පිරිස් පැවැසූහ.
මෙම සිද්ධිය පිළිබඳව දිඹුලාගල මහවැලි කොට්ඨාසයේ කළමනාකරු තුසිත හේරත් මහතාගෙන් කළ විමසීමකදී ඔහු පවසා සිටියේ තම නිලධාරීන් පියතුමාට පහරදීමක් නොකළ බවත් මහවැලි අධිකාරියට අයත් බිම් කොටසක් එම සේවා මධ්‍යස්ථානය මගින් අනවසරෙන් අත්පත් කරගෙන ඇති බවත් ඒම කුඹුක් පැල ඉවත් කිරීමට ගිය මහවැලි නිලධාරීන්ට බැන වැදී ඇති බවත්ය.
මේ පිළිබඳව තමන්ද පොළොන්නරුව පොලිසියට පැමිණිලක් ගොනු කළ බව තුසිත හේරත් මහතා පැවැසීය.


2025 දෙසැම්බර් මස 16
19
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
820
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
601
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
දිඹුලාගල මහවැලි නිලධාරීන්ට එරෙහිව පිරිසක් විරෝධතාවයක