IMG-LOGO

2025 මැයි මස 15 වන බ්‍රහස්පතින්දා


දිඹුලාගල ප්‍රා. සබේ රැස්වීමට ගිය මාධ්‍යවේදීන්ට තහංචි දමයි

(නිමල් ජයරත්න)

 

දිඹුලාගල ප‍්‍රාදේශීය සභාවේ මාසික රැස්විම වාර්තා කිරිමට ගිය විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍යවේදින්ට සභාවේ උපසභාපති (එ.ජා.ප) සිසිර කුමාර දේශප‍්‍රිය මහතා තහංචි පනවා දෝෂාරෝපණය කිරිමත් සමඟ ඊට විරෝධය පළ කර මාධ්‍යවේදීයෝ පිටව ගියහ.

මාධ්‍යවේදින්ට  ඕනි  ඕනි විදිහට සභාවේ මන්ත‍්‍රිවරුන් විඩියෝ කරන්න බැහැ ෆොටෝ ගන්නත් බැහැ. ෆෝන් සේරම  ඕෆ් කරගන්නත්  ඕනි, විඩියෝ, ෆොටෝ ගන්නවා නම් එක තැනක ඉදගෙන කරන්න යැයිද උපසභාපතිවරයා ආවේගශීලිව සභාව අතරතුර ප‍්‍රකාශ කළේය.

දිඹුලාගල ප‍්‍රාදේශීය සභාවේ සභාපති ජයන්ත මාරසිංහ මහතාගේ ලිඛිත ආරාධනයෙන් දිඹුලාගල ප‍්‍රාදේශීය සභාවේ 18 වෙනිදා පැවැති මාසික සැසිවාරය වාර්තා කිරිමට ගොස් සිටි විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍යවේදින් 6 දෙනෙකු මෙහිදි තම කණගාටුව හා විරෝධය ප‍්‍රකාශ කිරිමින් පිටව ගියහ.

සභාවට අයත් සහ අයත් නොවන රථවාහන වලින් සිදුකර ඇති ඉන්ධන වංචාවන් පිළිබඳව සභාවේ ලේකම්වරිය විසින් හෙළිදරව් කිරිමත් සමඟ උරණ වු ප‍්‍රාදේශීය සභාව මෙහෙයවමින් සිටි උපසභාපතිවරයා මාධ්‍යවේදින්ට ද තහංචි දමා ඒවා මාධ්‍යයේ පලවේ යැයි බියට මේ තිරණය ගන්නට ඇතැයි පිටව ගිය මාධ්‍යවේදින් පැවසුහ.

සභාරැස්විමට පැමිණ සිටි එ.ජා.ප ප‍්‍රාදේශිය සභා මන්ත‍්‍රි අමිල අබේකෝන් මහතාද උපසභාපතිවරයාගේ තීරණය අනුමත කරමින් පැමිණ සිටි මාධ්‍යවේදින් සමච්චලයට ලක් කිරිම පිලිබද දිඹුලාගල මාධ්‍යවේදින්ගේ කණස්සල්ල ප‍්‍රකාශ කළහ.

මාධ්‍යවේදින් පිටව යන අවස්ථාවේදී ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප‍්‍රාදේශිය සභාවේ විපක්ෂ නායක ලයනල් රංජිත් කහගල්ල මහතා මාධ්‍යවේදින් සමඟ පැවසුවේ මේ පිළිබඳව තමාගේ බලවත් කණගාටුව ප‍්‍රකාශ කරන බවත් ඇති වු තත්වය පිලිබදව ලිඛිතව ඊලග සභාවාරයේ දී සභාපති ජයන්ත මාරසිංහ මහතාව දැනුවත් කරන ලෙසයි.

අප මාධ්‍යවේදින්ට සභාවේ ඇති වූ අපහසුතාවය පිළිබඳව දිඹුලාගල ප‍්‍රාදේශීය සභාවේ සභාපති ශ‍්‍රී.ල.නි.ප.යේ ජයන්ත මාරසිංහ මහතා දුරකතනයෙන් කළ විමසිමකදි පැවැසුවේ මේ සම්බන්ධයෙන් තම බලවත් කනගාටුව ප‍්‍රකාශ කරන බවත් මාධ්‍යවේදින් සභාව තුළ කැමරා සහ ජංගම දුරකතන භාවිතා කිරිම පිළිබඳව තමා මෙතෙක් තහංචියක් නොදමා ඇති බවයි.



අදහස් (0)

දිඹුලාගල ප්‍රා. සබේ රැස්වීමට ගිය මාධ්‍යවේදීන්ට තහංචි දමයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

’’හරිත සරසවියක අසිරිය විඳගන්න”  NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී 2025 මැයි මස 15 20 0
’’හරිත සරසවියක අසිරිය විඳගන්න” NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී

NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1551 2
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1676 4
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

Our Group Site