(බිඟුන් මේනක ගමගේ )
පහසුකම් වැඩි දියුණු කිරීම හා නවීකරණය කිරීමේ අරමුණ ගෙනහැර දක්වමින් දුම්රිය ස්ථාන 12 ක් පෞද්ගලික සමාගමකට පැවරීමට රජය කටයුතු කරමින් සිටින්නේ යැයි ද එය තනිකරම රාජ්‍ය ප්‍රවාහන සේවය විනාශ කිරීමට ගන්නා ලද පියවරක් යැයි දුම්රිය වෘත්තිය සමිති සන්ධානය චෝදනා කරයි.
ප්‍රධාන දුම්රිය ස්ථාන ලෙස සැලකෙන කොළඹ කොටුව, මරදාන, රාගම, ගම්පහ, වේයන්ගොඩ, මහනුවර හා කුරුණෑගල යන දුම්රිය ස්ථාන මුල් අදියරේදීත්, ජා-ඇල, මීගමුව, අනුරාධපුර, නානුඔය හා ඇල්ල යන දුම්රිය ස්ථාන දෙවන අදියරේදීත් මෙම පුද්ගලික සමාගමට පැවරීමට නියමිත යැයි සඳහන් කරමින් දුම්රිය වෘත්තිය සමිති සන්ධානයේ සමකැඳවුම්කරු එස්.පී විතානගේ මහතා ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා ඇමැති අර්ජුන රණතුංග මහතාට ලිපියක් ද යොමු කර ඇත.
නිසි ටෙන්ඩර් පරිපාටියකින් බැහැරව අදාළ සමාගමේ ඉල්ලීම ඇමැතිවරයාගේ කැමැත්ත පරිදි වසර 12 ක කාලයකට ගිවිසුම්ගතව මෙම ගනුදෙනුව සිදුකිරීමට නියමිත යැයි එම සංවිධානය චෝදනා කරයි.
මෙම ගිවිසුම ක්‍රියාත්මක කළහොත්, වෙළඳ දැන්වීම් ප්‍රචාරය කිරීමෙන් මාසිකව රුපියල් 410,000 ක මුදලක් ද ස්ථාවර භෝජනාගාර පවත්වාගෙන යාමෙන් මාසිකව රුපියල් 4,800,000 ක මුදලක් ද අනිකුත් අලෙවිසැල් පවත්වාගෙන යෑමෙන් රුපියල් 900,000 කට අධික මුදලක් ද, චිත්‍රපට හා ටෙලිනාට්‍ය රූගත කිරීමෙන් හා ඡායාරූප ගැනීමෙන් මාසිකව රුපියල් 150,000 කට අධික මුදලක් ද වශයෙන් දුම්රිය දෙපාර්තමේන්තුවට වාර්ෂිකව ලැබෙන රුපියල් හත් කෝටි පනස් ලක්ෂයකට අධික ආදායමක් අහිමිවන බව එම ලිපියේ සඳහන් කර ඇත.
මෙතෙක් පැවති ආණ්ඩුවල සියලුම ඇමතිවරුන් සහ නිලධාරීන් දුම්රිය ගොඩනැගීම සඳහා ඉතා හොඳ අරමුණු විවෘත තලයේදී පෙන්වා දුන්නද ඒ සියල්ල දුම්රිය දෙපාර්තමේන්තුවේ අයහපතට හා පරිහානියට හේතු වී යැයි ද අයන්ගරන් මීඩියා සොලූෂන් ප්‍රයිවට් ලිමිටඞ් ආයතනය සමග සිදු කිරීමට නියමිත මෙම ගනුදෙනුවද අනිවාර්යෙන්ම දුම්රිය දෙපාර්තමේන්තුවේ විනාශයට හේතුවනු ඇතැයි ද එම ලිපියේ සඳහන් වේ.
මේ නිසා අදාළ ගිවිසුමට අත්සන් කිරීම හෝ මෙම ගණුදෙනුව සඳහා කැබිනට් අනුමැතියක් ලබාගැනීම වහාම අත්හිටුවන ලෙස දුම්රිය වෘත්තීය සමිති සන්ධානය සිය ලිපිය මගින් වැඩිදුරටත් ඇමැතිවරයාගෙන් ඉල්ලා සිටී.
2025 දෙසැම්බර් මස 16
22
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
821
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
601
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
දුම්රිය ස්ථාන පෞද්ගලීකරණයට උත්සාහයක් ඇතැයි චෝදනාවක්