IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


දුම්රියක ගැටී අයෙක් මරුට

(ශාන්ත චන්ද්‍රසිරි)
 
උඩරට දුම්රිය මාර්ගයේ තලවකැලේ දුම්රිය ස්ථානය ආසන්නයේදී පුද්ගලයෙකු අද (04) උදෑසන දුම්රියක ගැටී මියගොස් ඇතැයි තලවකැලේ පොලීසිය පවසයි.
 
මියගොස් ඇත්තේ තලවකැලේ, හොලිරෑඩ් වත්තේ, නැගෙනහිර කොටසේ පදිංචිව සිටි විජේසුන්දර මුදියන්සේලාගේ චන්ද්‍රෙස්න (67) නැමැති අයෙකි.
 
අසනීප තත්ත්වයකින් පෙළෙමින් සිටි මෙම පුද්ගලයා  තලවකැලේ නගරයට පැමිණ නැවැත දුම්රිය මාර්ගය ඔස්සේ නිවසට යමින් සිටියදී, බදුල්ල සිට කොළඹ කොටුව බලා ධාවනය වු දුම්රියට හසුව ඇතැයි මූලික පරීක්ෂණවලදී අනාවරණය වී තිබේ.
 
මියගිය පුද්ගලයාගේ මළ සිරුර අධිකරණ වෛද්‍ය පරීක්ෂණ කටයුතු සඳහා නුවරඑළිය මහ රෝහල වෙත රැගෙන යාමට පොලීසිය පියවර ගෙන ඇත.
 
තලවකැලේ පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.



අදහස් (0)

දුම්රියක ගැටී අයෙක් මරුට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 17 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 818 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 600 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site