(මනෝප්‍රිය ගුණසේකර)
කළුගල් කැඩීමේ බලපත්‍රයක් නිකුත් කිරීමට රුපියල් ලක්ෂ 06 ක අල්ලසක් ඉල්ලා ලබා ගත් බවට දොම්පේ ප්‍රාදේශිය සභාවේ සභාපතිවරයාට සහ මන්ත්‍රීවරයකුට එරෙහිව පවරා ඇති නඩුව ලබන නොවැම්බර් 24 වැනිදා කැඳවීමට කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳි අද (24) නියම කළේය.
මෙම නඩුව කැඳවනු ලැබු අවස්ථාවේදී විත්තිකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතීඥ ශාලික ගුණවර්ධන මහතා කරුනු ඉදිරිපත් කරමින් මෙම නඩුව විභාගයට ගැනීම වළකාලමින් අභියාචනාධිකරණයෙන් තාවකාලිකව වාරණ නියෝගයක් නිකුත් කොට ඇතැයි කියමින් කළ ඉල්ලීමක් සළකා බැලු විනිසුරුවරයා එලෙස නියම කළේය.
කළුගල් කැඩීමේ බලපත්‍රයක් නිකුත් කිරීමට රුපියල් ලක්ෂ 06 ක අල්ලසක් ඉල්ලා ලබා ගන්නා ලදැයි අල්ලස් කොමිසම විත්තිකරුවන්ට එරෙහිව නඩු පවරා තිබිණි.
මෙලෙස චෝදනා ලැබ සිටින්නේ දොම්පේ ප්‍රාදේශිය සභාවේ සභාපති මිලාන් සජිත් ජයතිලක සහ මන්ත්‍රීවරයකු වන අජිත් සිසිර කුමාර නමැත්තන්ය.
මෙම නඩුව කැඳවනු ලැබු අවස්ථාවේදී විත්තිකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතීඥ ශාලික ගුණවර්ධන මහතා කරුණු ඉදිරිපත් කරමින් මෙම නඩුව විභාගයට ගැනීම වළකාලමින් අභියාචනාධිකරණයෙන් තාවකාලිකව වාරණ නියෝගයක් නිකුත් කොට ඇතැයිද අභියාචනාධිකරණ පෙත්සම ලබන 24 වැනිදා කැඳවීමට නියමිත හෙයින් මෙම නඩුව කල් තබන්නැයි ඉල්ලා සිටියේය.
එම ඉල්ලීම සළකා බැලු විනිසුරුවරයා මෙම නඩුව ලබන දෙසැම්බර් 02 වැනිදා කැඳවීමට නියම කළේය.
පැමිණිල්ල වෙනුවෙන් අල්ලස් කොමිසමේ සහකාර අධ්‍යක්‍ෂ ජනරාල් නීතීඥ ගංගා හෙයියන්තුඩුව මහත්මිය පෙනී සිටි අතර විත්තිකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතීඥ ශාලික ගුණවර්ධන මහතා පෙනී සිටියේය.
ශ්රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
දොම්පේ ප්‍ර.සභාපති-මන්ත්‍රීවරයකු අල්ලසක් ගත්තැයි කියන සිද්ධියේ නඩුව කැඳවීමට දිනයක්